සෞදි අරාබියේ ‘සුපිරි හිරගෙය’ ලෙස හැඳින්වෙන රිට්ස් කාල්ටන් හෝටලය යළි විවෘත කර තිබේ. තරු පහේ සුපිරි හෝටලයක් වන මෙය පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ මස මුල දක්වා තාවකාලිකව වසා දමා තිබුණේ චෝදනා ලැබූ ධනවතුන්ගේ විමර්ශන කි‍්‍රයාත්මක වීම හේතුවෙනි. එම කාලය තුළ මෙම සුපිරි හෝටලය පවත්වා තිබුණේ රැුඳවුම් මධ්‍යස්ථානයක් ලෙස ය. මුදල් විශුද්ධිකරණ ආදි චෝදනා ලැබූ සෞදියේ ඉහළ පෙළේ අමාත්‍යවරුන්, කුමරුවන් විමර්ශන කාලය තුළ මෙහි රඳවා සිටියහ.
තම නිවහනටත් වඩා සුපිරි සැපපහසුකම් ලබාදෙන මෙම ස්ථානය චෝදනා ලැබූවන්ගේ රැුඳවුම් මධ්‍යස්ථානයක් ලෙස කි‍්‍රයාත්මක වන කාලයට පිටතින් කිසිවකුට මෙම හෝටලයට පැමිණිය නොහැකි අතර දැඩි රැුකවල් දමා තාවකාලිකව වසා දමනු ලබයි.
කෙසේවෙතත් පසුගිය මාස කිහිපය තුළදී සෞදි කුමාරවරුන් 200ක්, අමාත්‍යවරුන් හා ව්‍යාපාරිකයන් ද රඳවා තිබූ බවත් විශුද්ධිකරණය කරන ලද ඩොලර් බිලියන 100ක් යළි ලබාගැනීමට හැකිවූ බවත් නීතිවේදීන් පවසා තිබේ. විමර්ශන අවසානයේ මෙම චෝදනා ලැබූවන්ගෙන් ඇතැමකුට සැබෑ ලෙසම සිරගත වීමට ද සිදුවේ.