ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතනවලට සභාපති සහ උප සභාපතිවරු තෝරා පත් කිරීම විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් විසින් සිදු කරන බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ‘රිවිර’ට ඊයේ (11) පැවසීය.

ජයග්‍රහණය කරන කිසිවකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට නොදෙන බවත් ඉදිරියේ දී බුද්ධිමතුන්ගෙන් සමන්විත ගම්සභා පිහිටුවීමට හැකියාව ලැබි ඇති බවත් ඔවුන් යටතේ සංවර්ධන කටයුතු  කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

දූෂණ නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පෙර වූ වැරදි අධ්‍යයනය කර ඒවා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්