මම කිසිම පක්ෂයකට ද්‍රෝහි වුණේ නැහැ. ¥ෂණයට, වංචාවට, හොරකමට එරෙහිව නැගී සිටියා පමණයි. අද රටේ පවතින තත්ත්වය යහපත් කරන්න නම් අපි සියලූ දෙනා එකතු වී හො`ද වැඩපිළිවෙළකට යා යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පෙරේදා (22* මහනුවර පැවැති ජන හමුවේ දී ජනාධිපතිවරයා මේ බව ස`දහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ උතුම් ඓතිහාසික මහා පුරවරයේ උතුම් දළදා සමි`දුන්ගේ ආශීර්වාදය ලබන මේ ශේ්‍්‍රෂ්ඨ ඓතිහාසික භූමියේදී ඔබ සියලූ දෙනා හමුවීමට ලැබීම පිළිබ`දව මා ඉතාමත් සතුටු වෙනවා. තමුන්නාන්සේලා මේ රටේ දේශපාලනය ගැන මැතිවරණ ගැන අත්දැකීම් රාශියක් තිබෙන පිරිසක්. මීට අවුරුදු තුනකට පෙර මේ ස්ථානයේම මම පොදු අපේක්ෂකයා විදියට මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාව අමතා කතා කළා. ඒ ජනාධිපතිවරණයෙන් මේ රටේ පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දාහකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවකින් මාව ජනාධිපතිවරයා විදියට නැතහොත් රටේ ප‍්‍රධාන සේවකයා විදියට තෝරා පත්කර ගත්තා.

2018 මහනුවර පුරවරයට කන්ද උඩරටට ඓතිහාසික කතාන්දරයක් සමග අපට සිහිපත්වන සිද්ධි ගණනාවක් තියෙනවා. ඒ තමයි, 1818 මාර්තු මාසයේ කැරැුල්ල එයින් අවුරුදු 200 ක් සම්පූර්ණ වන වසර මේ වසර. මාතෘ භූමියේ නිදහස ස`දහා ඉංග‍්‍රීසි පාලකයින්ට විරුද්ධව අපේ දේශපේ‍්‍රමීන් ගෙන ගිය මහා අරගලයයි 1818 කැරැුල්ල කියන්නේ. 1948 මේ රට බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත්තා. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත්තාට පසුව මේ රටේ ආණ්ඩු ගණනාවක් බලයට පත්වුණා. ලෝකයේ සෑම තැනම ගිහිල්ලා රට රටවල ගිහිල්ලා මේ සිටින ජනතාවගෙන් සෑහෙන පිරිසක් ලෝකය දකිනවා. අන්තර්ජාලයෙන් අද ඔබ ලෝකය දකිනවා. ජංගම දුරකථනයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් මාධ්‍යයෙන් ලෝකය දකිනවා, අහනවා.

එක්සත් ජාතික පක්ෂය ඞී.එස්. සේනානායක මැතිතුමාගේ යුගය ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ යුගය ඔවුන්ට හො`ද දැක්මක් තිබුණා. හො`ද දර්ශනයක් තිබුණා. ඞී.එස් සේනානායක මැතිතුමා නිදහස් සටනේ පියා වගේම එතුමාට හො`ද කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් තිබුණා. ඩඞ්ලි සේනානායක මැතිතුමා මියයන විට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 460 යි. බණ්ඩාරනායක මැතිතුමා මියයන විට බණ්ඩාරනායක මැතිතුමාගේ රොස්ම්ඞ් නිවස උකස් තියලා තිබුණේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔවුන්ට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් එතුමියගේ ආණ්ඩුවම නීතියක් පනවලා රටේ ජනතාවට භාර දුන්නා. මේ විදියට මේ රට හො`දින් සකස් වෙලා ආවා. ඉන් පසුව මේ රට නොයෙක් ආකාරයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අපේ රට හො`දට ගොඩනගන්න අවස්ථා කිහිපයක් අපිට ආවා. රටම එකතු කරන්න පු`එවන් අවස්ථා තිබුණා.

ඒ එක් අවස්ථාවක් වන්නේ, 2004 සුනාමි ව්‍යසනයත් සමග මේ රටේ සියලූ දේශපාලන පක්ෂ එකතු වුණා රට ගොඩනගමු කියා. කොළඹට එකතු වෙලා හැව්ලොක් පිටියේ සියලූ දේශපාලන පක්ෂවල නායකයින් සෑම කෙනෙක්ම පහනක් අතේ තබාගෙන ජාතිය හමුවේ දිවුරුම් දුන්නා අපි රට ගොඩනගමු කියලා. නමුත් එම අවස්ථාවෙන් අපිට ප‍්‍රයෝජන ගන්න බැරි වුණා. ගිලිහී ගියා. 2009 එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය අවසන් කරලා රටේ ස්ථාවර සාමයක් ඇති කරගන්න යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමත් සමග මේ රටේ දේශපාලන පක්ෂ භේදයක් නැතුව යු.එන්.පී, ශ‍්‍රී ලංකා පක්ෂ භේදයක් නැතුව සිංහ කොඩිය අතට අරගෙන මේ රටේ ජනතාව පාරට බැහැලා එදා ජයඝෝෂා කළා. ජයග‍්‍රහණයෙන් උද්දාම වුණා අපේ මහ රජානෝ කියා. මු`එ රටම එකතු වුණා. නමුත් මු`එ රටම එකතු වුණාට එතනින් එහාට එකතු වුණේ නැහැ. රට එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

අප හමුවට ලෝකයේ රටවලින් බොහෝ තර්ජන ආවා. ජාත්‍යන්තරයෙන් තර්ජන ආවා. ජාත්‍යන්තරයෙන් අවලාද ආවා. චෝදනා ආවා. පැමිණිලි ආවා. ඒ අවස්ථාව තමයි තිබුණේ රට එකතු කරගෙන ලෝකය හමුවේ එන තර්ජනවලට මුහුණ දෙන්න. නමුත් ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ නැහැ. ඉන් පසුව මේ රට භයානක තත්ත්වයකට පත්වුණා.

මුළු ලෝකයම අපිට විරුද්ධ වුණා. සමහර අය මගෙන් අහනවා, මොනවාද ජනාධිපති වෙලා කෙරුවේ කියා.
එදා තිබුණු පාලනයට, ¥ෂණයට, හොරකමට, නාස්තියට, පවුල්වාදයට විරුද්ධ ඡුන්ද මට දුන්නා. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා පැරදුණා. 2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමා පැරදුනා. එතුමා මේ විදියට තුන් සැරයක් පැරදිලා තිබෙනවා. එතුමා මේ ආණ්ඩුවේ කටයුතු ගැන විවේචනය කරනවා. අපි ඒක පිළිගන්නවා. බොහෝම සාධාරණයි. විවේචනය කළ යුතුයි. එතුමා මහ බැංකු බැ`දුම්කර කොමිසම ගැන ලොකුවට කතා කරනවා. තමුන්නාන්සේලා දන්නවා රවි කරුණානායක මහත්මයාට විපක්ෂය ගෙන ආවා විශ්වාසභංග යෝජනාවක්. පාර්ලිමේන්තුවේදී එය ගත්තා. රවි කරුණානායක මහතාගේ විශ්වාසභංග යෝජනා වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡුන්දය දුන්නද විරුද්ධව? ඡුන්දය දුන්නද? ඡුන්දය දුන්නේ නැහැ. ඡුන්දය අවසන් වෙලා රවී කරුණානායක මහත්මයා එළියට එනකොට එතුමා පාර්ලිමේන්තුවෙන් පිටත සිට රවි කරුණානායක මහත්මයාට දුරකථන ඇමතුමක් දීලා සුබපැතුවා. මම එය හො`දටම දන්නා දෙයක් නිසයි කියන්නේ. රවි මම ආවේ නැහැ ඔබට මගේ ඡුන්දය දෙන්න. ප‍්‍රශ්නයක් නැහැ නේද කියලා ඇහුවා. ඒක තමයි ඇත්ත කතාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ.

ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් අතීත රජකාලේ පටන් මේ දක්වා කිසිම නායකයෙක් මේ රටේ භූමිය ලෝකයේ වෙනත් රටකට සින්නක්කර දීලා නැහැ. මම ජනාධිපති ධුරයට එනවිට කොළඹ වරාය නගරය ගැන ගිවිසුම හදලා පළමු වැනි වාරය අත්සන් කරලා තිබුණේ අක්කර 240 ක් චීනයට සින්නක්කර දෙන්න. දෙවෙනි ගිවිසුම අත්සන් කරන්න තිබුණේ ජනාධිපති වශයෙන් මට. මේ ඇමතිවරුන් දන්නවා මම කැබිනට් මණ්ඩලයේ දී කිව්වා මම ඔය සින්නක්කර ගිවිසුම අත්සන් කරන්නේ නැහැ.  ඕක වෙනස් කරන්න කියලා කිව්වා. මම චීනයට 2015 ගිය අවස්ථාවකදී මම චීනයේ ජනාධිපතිතුමාට කිව්වා මේ ගිවිසුම සින්නක්කර දී තිබෙනවා ජනාධිපතිතුමනි, මට ඒක ප‍්‍රශ්නයක්, අපේ ඉතිහාසයේ අපේ රටෙන් කොටසක් ගිවිසුමකින් ඔප්පුවකින් සින්නක්කරව ලෝකයේ වෙනත් රටකට දීලා නැහැ. ඒ නිසා මට මේක වෙනස් කරගන්න  ඕනෑ. ඒ නිසා මේක බදු පදනමකට අපි එක`ගවෙන්නම්. ඊට එහා යන්න අපට බැහැයි කියලා. මගේ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා එක`ගවුණා. අපි ඒ අනුව තමයි චීනයට සින්නක්කර දී තිබුණු අක්කර 240 බදු පදනමට වෙනස්කර ගත්තේ.  එහෙම කරපු අය අපට කියනවා රට කඩනවා. රට විකුණනවා. ආදී නොයෙක් දේ කියනවා.

මහබැංකු වංචාකරුවන්ට විරුද්ධව පළවෙනි දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමනි, කළ යුතු පළවෙනි දේ වෙන්නේ මේ හොරකම කළ සියලූ දෙනා හිරේ දාන්න කටයුතු කරමුයි කියා මම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඉතාම පැහැදිලිව මේ මහනුවර ඓතිහාසික වේදිකාවේ සිට කියනවා. ගරු අගමැතිතුමනි හිරේ දාන අය හිරේ දාන්න, ඒකට පසුබට වෙන්න එපා. මට ඒකට ශක්තිය දෙන්න මාව දුර්වල කරන්න එපා. ආණ්ඩුවේ විපක්ෂයේ සියලූ දෙනාගෙන් මම අද ඉල්ලා සිටිනවා.

කතාවක් තියෙනවා බලූ රැුළක් එක්ක ඉදිරියෙන් යනවට වැඩිය සිංහ රැුළක් එක්ක පිටිපස්සෙන් යන එක හො`දයි ඔලූව පහත්කරගෙන කියලා. ඒක නිසා මම කියනවා 2008 සිට 2016 වෙනකම් මේ දුප්පත් ජනතාවගේ සල්ලි ගසාකාපු සියලූ දෙනාටයි මම ඒ කියන්නේ. මේ සල්ලි කාගෙද. විශ්වවිද්‍යාලයේ මහපොළ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ සල්ලි.

රක්ෂණ සල්ලි. ජීවිත රක්ෂණ, වාහන රක්ෂණ සල්ලි. ඒ වගේම තමුන්නාන්සේලා මුදල් තැන්පත් කරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවල සල්ලි, අහිංසක දුප්පත් සේවකයාගේ  සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි. මේ සල්ලි මහබැංකුව යටතේ තිබෙන්නේ, මේ රටේ සංවර්ධනයට. තමුන්නාන්සේලාට බෙහෙත් දෙන රෝහලට අවශ්‍ය සල්ලි දෙනවා. තමුන්නාන්සේලාගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න අධ්‍යාපනයට වියදම් කරනවා. තමුන්නාන්සේලාගේ ගමේ පාර හදා දෙන්න, වතුර ටික දෙන්න, දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දොරක් හදලා දෙන්න තමයි මේ සල්ලි තියෙන්නේ ඒවා තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. මම පැහැදිලිව කියන්න  ඕනෑ ඔය ජී.එල්.පීරිස් මහත්මයාගේ පක්ෂයේ කට්ටියත් කරපු දේවල් මම දන්නවා.

එදා මට චෝදනා කළා. ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයිනි, ඔබ අද මට චෝදනා කරනවා. මේ සියලූ පාක්ෂිකයින්ට මම බොහොම පැහැදිලිව කියනවා මම ඔබට ද්‍රෝහී වූවා නොවේ. මම ද්‍රෝහී වූයේ ¥ෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට, පවුල් වාදයට, ඒකාධිපතිවාදයට, රාජ්‍ය දේපළ වත්කම් හොරකමටයි එදා විරුද්ධ වුණෙත්, අද විරුද්ධ වෙලා ඉන්නෙත්. ඒකතමයි ඇත්ත කතාව. ඒ නිසා අද හො`ද ගමනක් යන්න මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි සියලූ දෙනාම එකට එකතුවෙලා හො`ද වැඩපිළිවෙළකට යා යුතු වෙනවා. අද බලන්න රටේ තත්ත්වය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට මට පක්ෂය භාර දුන්නා. මගේ ඉල්ලීමකට නොවේ. මට භාර දුන්නේ පරාජිත පක්ෂයක්.

ඔබට ඇති ආර්ථික අපහසුතා අපට තේරෙනවා. එය මම අවංකව පිළිගන්නවා. විදේශ ණය බරත් එක්ක, උහුලන්න බැරි ණය බරත් එක්ක ඒ ආර්ථික අමාරුකම් තිබෙනවා. ඒ නිසා ආර්ථික කළමනාකරණයේ වෙනස්කම් අපට අවශ්‍ය වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවන වියදම ප‍්‍රශ්නයක් වෙලා තියෙන බව අපි දන්නවා. අද පෙරවරුවේ මම පොළොන්නරුවේ නිවසේ සිටින විට ටිකක් එහායින් හදන පාලමක් බලන්න ගියා මඬේ බැහැලා. පාරේ දෙපැත්තේ පුංචි පුංචි කඩ තියෙනවා. කඬේ තිබෙන බඩු වල මම මිල ගණන් ඇහුවා. මම ඒ වෙලාවෙත් කල්පනා කළේ දුප්පත් ජනතාවට දැනිලා තිබෙන මේ බර ආණ්ඩුවක් විදියට අඩුකිරීම අත්‍යවශ්‍ය දෙයක් බව. එහිදී අපේ අඩුපාඩුකම් තිබෙනවා.

ඒ අඩුපාඩුකම් සකස්කරගෙන ආර්ථිකය කළමනාකරණය කිරීමට මම පිහිටවපු ජාතික ආර්ථික සභාව හරහා මම ඉටුකරන බව මම මෑතකදීත් තමුන්නාන්සේලාට පැහැදිලි කළා.

Untitled-4