නොර්වුඩ් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයක් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වි ඇත.
අද (22) අළුයම 4.00 ට පමණ සිදුවු මෙම අනතුරෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර ටිපර් රථය මාර්ගයෙන් ඉවතට අඩි දහයක් පමණ කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ දෙසට පෙරලී තිබේ.