අපි රටේ ආර්ථිකය ගැන කතා කළොත් රටේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. ලෝක ණය බරක් තියෙනවා. තමුන්වහන්සේලාට ජීවත් වීමේ අපහසුව තියෙනවා. මම අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයේ ඒ අයට අවශ්‍ය විදිහට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන්නා. නමුත් තමුන්නාන්සේලා දන්නවා අද බරපතළ ආර්ථික ප‍්‍රශ්න ජනතාවට තියෙනවා. ඒ නිසා මම මීට මාස  තුනකට කලින් මාගේ නායකත්වයෙන් රටේ ආර්ථික කළමණාකරණය සඳහා ජාතික ආර්ථික සභාවක් හැදුවා. මේ වසරේ සිට ජාතික ආර්ථික සභාව හරහා මේ රටේ ආර්ථිකය හැසිරවීම මා විසින් එහි නායකත්වය ගන්නවා” යැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (20* පස්වරුවේ  කෑගල්ලේදී පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර පළාත් පාලන ජන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂක අපෙක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් මෙම ජන රැුලිය කෑගල්ල නිදහස් මාවතේදී පැවැත්විය.

මෙහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ඔබ කවුරුත් දන්නවා. මේ පුංචි ළමයින් පවා දන්නා කතන්දරයක් තියෙනවා. සිංගප්පුරුවේ අගමැතිවරයා පිළිබඳව. මම මෙ කියන කථාව ඔබ අනන්තවත් අහලා තියෙනවා කියවලා තියෙනවා.

සිංගප්පුරුව පාලනයට ගත් ලි ක්වාන් යූ අගමැතිවරයා 60 දශකයේදී ඔහු මුහුණ දුන් පළමු මැතිවරණයේදි සිංගප්පුරු ජනතාවට කිව්වා ලංකාව වාගේ ලස්සන රටක් කරන්න මට ජන්දය ලබා දෙන්න කියලා. අවුරුදු 25 කට පස්සේ ඒ රටේ තිබුණු වරින්වර ජන්දවලින් පස්සේ නැවත මහ ජන්දයකට ගියා ලී ක්වාන් යූ අවුරුදු 25 කට පස්සේ මොකද්ද කීව්වේ සිංගප්පුරු ජනතාවට ලංකාව වාගේ ආර්ථිකයෙන් පිරිහිච්ච විනාශ වෙච්ච රටක් කරගන්න  ඕනෑ නම් විපක්ෂයට ජන්දය ලබා දෙන්න කියලා ජනතාවට කිව්වා.

අපේ රටට එසේ වුණේ ඇයි ? මේ කෑගල්ල දිස්ත‍්‍රික්කය වාගේම මේ රටේ සෑම ප‍්‍රදේශයකම, නගරයකම, පළාතකම අපිට උගතුන්ගෙන් කිසිම හි`ගයක් නැහැ. අපේ උගත්තු ලෝකයේ රටවල්වලින් ජය අරන් තියෙනවා. අපිට බුද්ධිමතුන්ගෙන් හි`ගයක්  නැහැ. අපිට ප`ඩිවරුන්ගෙන් හි`ගයක් නැහැ, අපිට විද්‍යාඥයින්ගෙන් හි`ගයක් නැහැ, අපිට බහුශ‍්‍රැතයින්ගෙන් හි`ගයක් නැහැ.

මේ රටේ ඉන්නවා නම් උගතුන් බුද්ධිමතුන් මේ රට පිරිහුණේ මෙ රට වැටුණේ ලෝකයේ දියුණු රටවල් ගණනට මේ රට ගෙනයන්න බැරිව ගියේ මෙ රටේ ¥ෂිත දේශපාලනඥයින් නිසා කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්න  ඕනෑ.

මේ රටේ දේශපාලනයේ ඉන්න නියෝජනය කරන අයගෙන් සියලූ දේශපාලන පක්ෂවල සියයට 50 ක්, 60 ක් ඉන්නේ ඉතා හොඳ අය. ඒ අතරේ ඉන්නවා සියයට 30 ක් 40 ක් දේශපාලනයෙන් එන්නේ සල්ලි හම්බ කරන්න. දේශපාලනයෙන් සල්ලි හම්බ කරලා සාක්කු පුරවා ගන්න. දේශපාලනයට එන්නේ ජනතාවගේ දේපොළ අයිති කරගන්න. දේශපාලනයේ කොමිස් ගසමින් දේශපාලනයේදී ටෙන්ඩර්වලින් ගසමින් දේශපාලනයේ බැංකු මංකොල්ලකමින් මේක තමයි මේ රට දියුණු කරන්න තිබෙන ප‍්‍රශ්නය. දේශපාලනඥයින්ගේ සාදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක්.

දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප‍්‍රශ්නයක් ඔබෙත් මගෙත් පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායක මැතිතුමා. අපිට දුන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්. අපිට දුන්නේ පිරිසිදු දේශපාලන දර්ශනයක්. අපේ රට විශාල වශයෙන් ඒ යුගයේ ඉදිරියට ගියා. ඩඞ්ලි සේනානායක මැතිතුමා මිය යනකොට බැංකුවේ තිබුණේ රුපියල් 400 යි ඒ කාලයේ. බණ්ඩාරනායක මැතිතුමා වෙඩි තියලා මරණකොට එතුමාගේ නිවස උකස් තියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අක්කර දහස් ගණනක් ජනතාවට දුන්නා තමන්ගේ ආණ්ඩුව වෙනුවෙන්. ඒ තමයි ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ ඉතිහාසය.

ඊට පසුව කුමක්ද මේ රටට සිද්ධ වුණේ මෙ රට විනාශ වුණා. අපි ඉදිරියට යන්න ඔනෑ. අපේ රට සංවර්ධනය කරන්න  ඕනෑ. අපි හොඳ ගමනක් යන්න  ඕනෑ. ඒ නිසා මම තමුන්වහන්සේලාට ආරාධනා කරනවා. තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. යහපත් දේශපාලන සදාචාරාත්මක ගමනක් සඳහා මුල පුරන්න ගමේ ගම් සභාවෙන් ගමේ ආණ්ඩුවෙන් තමුන්නාන්සේලා පෙබරවාරි 10 වැනිදා ”බුලත් කොළයේ” ලකුණට ජන්දය දෙන්න කියලා.

දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන, දේශීය අයෝජන  ඒ සියල්ල ආරක්ෂා කරලා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම මා භාර ගන්නවා කියන එක මෙහිදී මා පැහැදිලිව ප‍්‍රකාශ කිරීමට කැමැතියි.

අපේ කට්ටියක් අපේම අය අලූත් පක්ෂයක් හදලා දැන් තරග කරනවා. ඒ අය කියනවා නොයෙක් දේවල් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා නිතීය පිළිබඳ මහාචාර්ය මහරගම නගර සභාවේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වුණා. ඒ ගොල්ලන් නඩු දැම්මා ඒක ඉල්ලා. වග උත්තරකාරයෝ විදිහට පාර්ශ්ව උසාවියට දුන්නා. නීතිය පිළිබඳ මහාචාර්යවරයා වගඋත්තරකාරයන් කරලා තියෙන්නේ කවුද ? ඉදිරිපත් වෙච්ච අනික් කණ්ඩායම් වලින් මහරගමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුයේ නැහැ ඉදිරිපත් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය නඩුව දැම්මේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ලේකම් වග උත්තරකාරයා කරලා. නඩුව ඇහැවුවෙත් නැහැ අහක දැම්මා. නීතිය පිළිබඳ මහාචාර්යතුමා වරද්දාගත්ත තැන මම මෙ කියන්නේ. ඔන්න වෙච්ච දේ. ඒ නිසා අපි හොඳ රටක් හැදිය යුතුයි. පිරිසිදු දේශපාලනයක් අපි ගෙනයනවා. මේ රට හොඳින් සංවර්ධනය කරනවා.

මේ රටේ ආර්ථික කළමණාකරණය මාගේ වගකීමක් ලෙස සලකා මා භාර ගන්නවා. මේ ඇති වෙලා තියෙන ජනතා ජීවන බර අඩු කිරීම සඳහා මේ රට සංවර්ධනයේදී මේ අපි කරන් යන සංවර්ධනය වෙනස් මුහුණු වරකට අපි ගන්නවා.
තමුන්නාන්සේලාගේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මහා ජලාශ ගණනාවක් හැදෙනවා කියලා ලොකු කතාන්දරයක් තියෙනවා. අය වැය යෝජනාවලදී කියවුණු වාක්‍ය කිහිපයක් තියෙනවා. මම මේ ගැන සොයලා බැලූවා මම තමුන්වහන්සේලාට පැහැදිලි ප‍්‍රතිඥාවක් දෙන්නම්. මම මේ රටේ වාරිමාර්ග ඇමැති විදිහට මේ රටේ කෘෂිකර්ම ඇමැති මහවැලි ඇමැති, සෞඛ්‍ය ඇමැති, ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් කරලා තියෙනවා. තමුන්වහන්සේලා දන්වා මම මේ කෑගල්ලේ ගම්මානවල ඇවිත් තියෙනවා.

මේ කෑගල්ල දිස්ත‍්‍රික්කය පමණක් නොව ඔය කියන යොජනා ක‍්‍රමය සඳහා කෑගල්ල දිස්ත‍්‍රික්කය ප‍්‍රමුඛව ඔය ජලය බෙදීමට යෝජනා කර තිබෙන දිස්ත‍්‍රික්ක තුළ එක ගසක් කපන්න පස් පි`ඩැල්ලක් කපන්න. මම ඉඩ තියන්නේ නැහැයි කියන එක මම පැහැදිලිව කියනවා.

රත්නපුරෙන්, කළුතරින්, කෑගල්ලෙන් මහා ජල කඳක් මහ මුහුදට වැටෙනවා. ඇත්ත කථාව. මේ වතුර නිසා ගං වතුර ඇති වෙනවා. නාය යනවා. කදු කඩා වැටෙනවා නොයෙකුත් ප‍්‍රශ්න ඇති වෙනවා. මේකට අද නව තාක්ෂණයත් එක්ක මේ මහා ජල කඳ මහ මුහුදට ගෙනයන්න මහ මුහුදට වැටෙන එක ඉවත් කරලා මේ ජල කඳ මේ රටේ නිය`ගය ඇති ප‍්‍රදේශවලට ගෙනයන්න. පොළොන්නරුව, අනුරාධපුර මොරගහ කන්ද ජලාශයට එක් කරන්න. උතුරුට ගෙනයන්න වවුනියාවට ගෙනයන්න. කුරුණෑගල නිය`ගය තියෙන ප‍්‍රදේශවලට ගෙනයන්න. අද නව තාක්ෂණික දැනුමත් සමග ජලාශ හදන්න වුවමනාවක් නැහැ. තමුන්නාන්සේලා දැකලා ඇති තෙල් නිපදවන රටවල මහා කාන්තාරයේ කිලෝමීටර් දහස් ගණන් තෙල් ගෙන යනවා නළ මගින්. ඒ තෙල් නළයක් ඔබලාට අපිට වඩා උසයි . රවුම් නළ කිසි තැනක පස් කැපිලා නැහැ ගස් කපලා නැහැ.

අද ලෝකයේ අලූත් තාක්ෂණයත් එකක් කරන වැඩ පිළිවෙළකට යමු. අපි ජපානය වගේ රටක් කැනඩාව වාගේ රටක් අපි සම්බන්ධ කර ගනිමු. ඒ තාක්ෂණය තුළ මේ ජල කඳ ස්වභාවික සම්පත් විනාශ කරන්නේ නැතිව අපි උතුරට අරන් යමු. ඒ වගකීම මම පැහැදිලිව ගන්නවා. දේශපාලන විරුද්ධවාදීන් කරන වැරදි ප‍්‍රචාරවලට ඔබ සැම             රැුවටෙන්න එපා.

මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දන්නවා. මෙ මහා බැංකු මංකොල්ලය කළේ කවුද වග උත්තරකාරයෝ කවුද කියලා. ඒ අයට ද`ඩුවම් දෙන්න මම කිසිසෙත්ම පසුබට වෙන්නේ නැහැ. ඒක බොහෝම පැහැදිලිව කියන්න  ඕනෑ. ඒ එක්කම අර අපේ පක්ෂයේම අය අලූත් පක්ෂයක් හදා ගෙන අපිට ජන්දය දෙන්න එපා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති තියෙන්නේ ඒ අයගාව කියන අය ඒ අයට මෙකෙන් බේරෙන්න පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ල්ලා මහ බැංකු කොමිෂන් වාර්තාවෙන් කියනවා.

මෙ මහා මංකොල්ලය සිද්ධ වෙලා තියෙන්නේ 2008 අවුරුද්දේ සිට 2015 අවුරුද්ද දක්වා කියලා කියනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. මම කොමිෂන් සභා වාර්තා දෙකක් එළි දැක්වූවා සති දෙකකට කලින් බරපතළ වංචා ¥ෂණ කොමිසම එකේ ඉන්නවා ලොකු ලොක්කෝ ගණනාවක් දේශපාලන පක්ෂ භේදයක් නැහැ. යූඇන්පීද ශ‍්‍රීලංකාද කියලා මොන පිලද කියලා ප‍්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය මේ රට හදන්න.

දුෂණයෙන් වංචාවෙන් තොර රටක් හදන්න තමුන්නාන්සේලා සමග හොඳ ගමනක් යන්න පක්ෂ භේදයෙන් තොරව රට ගොඩ නගන්න මා හා එක්වන්නයි කියලා මෙ රටේ සමස්ත ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරනවා. මම පෙබරවාරි 10 වැනිදායින් පසුව මෙ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ‍්‍රැතයින්, ප`ඩිවරයින් මහා සංඝරත්නය අනික් ආගමික පූජකතුමාලා ආචාර්ය මහාචාර්යවරු සියලූ දේශපේ‍්‍රමීන් මම එක කොඩියක් යටතට ගෙනාවා. මෙ රට ¥ෂණයෙන්, වංචාවෙන් තොරව හදන්න. ලෝකයේ ශක්තිමත් ප‍්‍රබල රාජ්‍යයක් විදිහට මේ රට ඉදිරියට ගෙන යන්න. මේ රට මම ගොඩ නගන්න ජාතික ව්‍යාපාරයක් මා පටන් ගන්නවා. ඒකට එකතු වෙන්න සුදානම් වන්න.

කවුද රණවිරුවන් දඩයම් කළේ? යුද්ධය දිනුවාට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක එදා ජන්දය ඉල්ලූවා ජනාධිපති අපේක්ෂකයා ජන්දයෙන් පස්සේ මොකද වුනේ යුද්ධය දිනපු යුද නායකයා රණවිරු නායකයා සරත් ෆොන්සේකා මහත්තයා හිරේ දාලා තරුපටි ගලවලා ජම්පරය ගහලා මහා රණවිරුවා හිර බත් කන්න හිරගෙදරට යැව්වා. අපිද රණවිරුවන් දඩයම් කෙරුවේ අපේ රණවිරුවන් දඩයම් කළේ මේ රටේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. මාධ්‍යවේදීන් රට හැර දාලා ගියා. පුවත්පත් කතුවරු ඝාතනය වුණා. මිනිස්සු අතුරුදහන් වුණා. සුදු වෑන් ආවා. අද ඒවා කිසි දෙයක් මේ රටේ නැහැ.

මම සතුටු වෙන්නේ මේ අවුරුදු තුනට මිනිස් ඝාතන නැහැ කිසි තැනක මේ රටේ කිසි තැනක අතුරුදහන්වීම් නැහැ. මේ රටේ මාධ්‍ය ආයතන ගිනි ගත්තේ නැහැ. මාධ්‍යවේදින් මහ පාරේ මරලා දැම්මේ නැහැ. මාධ්‍යවේදීන් රට හැරදාලා ගියේ නැහැ. මම ජනාධිපති ජන්දයට එදා පොදු අපේක්ෂකයා වෙන්න ඉස්සර මේ මැති ඇමැතිවරුන්ට දුරකථනයෙන් කතා කළා. කතාකරපුවාම කියනවා ඇමැතිතුමා එපා මේවා ටැප් කරනවා කියලා.

ඒ කාලේ 2013 සහ 2014 පොලීසියේ නිලධාරින් දුරකථනයෙන් ඇත්ත කතා කළේ නැහැ. රජයේ නිලධාරින් ඇත්ත කතා කළේ නැහැ. දුරකථනයෙන් රටේ ව්‍යාපාරිකයෝ ඇත්ත කථා කලේ නැහැ දුරකථනයෙන් ඒ අය කියනවා ටැප් කරනවා කියලා. ටෙලිෆොන් ටැප් කරනවා ඒ කාලේ. ඒක තමයි ඇත්ත කාරණය මිනිසුන්ට කථා කිරිමේ නිදහසවත් නැහැ. දැන් පසුගිය අවුරුදු තුන ගත්තාම සයිටම් ප‍්‍රශ්නයට විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නගරයේ කොච්චර පෙළපාලි ගියාද රට හැම තැනම එක සුමානයට දෙතුන් දවසක් පාරට බසිනවා. විශ්ව විද්‍යාල දරු දැරියන් ඒ අයගේ මෙහෙයුම පිටුපස හිටපු අය කිව්වා මේ ආණ්ඩුව හදන්නේ ශිෂ්‍ය බිල්ලක් ගන්නයි කියලා. ශිෂ්‍යයෝ කොළඹට ආපු හැමදාම එනවා කියලා දැන ගත්තාම මම උදේට පොලිස්පතිතුමාට කතා කරලා කියනවා. අද ශිෂ්‍යයෝ එනවා නේද ? තුවක්කු ගෙනයන්න එපා, අයුධ ගෙනයන්න එපා, ළමයින් කෑ ගහලා යයි. ඒ විදිහට අවුරුදු දෙකක් කෑ ගැසුවා කිසිම තැනක වෙඩිල්ලක් පත්තු වුණේ නැහැ ඒ විදිහට ඒ ප‍්‍රශ්න විස`දුවා රතුපස්වල වතුර ඉල්ලා අ`ඩන ජනතාවට එදා හමුදාව දාලා වෙඩි තිබ්බා. කටුනායක සටන් කරපු කම්කරුවන්ට වෙඩි තිබ්බා මැරුණා. රතුපස්වල පුංචි දරුවෝ සිට මිය ගියා.

මේ අවුරුද්දේ ඒ කිසි දෙයක් නැහැ තමුන්නාන්සේලාට. ඒ නිසා මම යහපත් රටක් හදන්න තමුන්වහන්සේලා සියලූ දෙනාට ආරාධනා කරන්නේ පොලිසියේ නිලධාරි මහත්වරුන්ට රජයේ නිලධාරි මහත්වරුන්ට පිට කොන්ද ඇතුව අංවකව සෘජුව කෙළින් වැඩ කරන්න සුදුසු වාතාවරණයක් මම හදලා තියෙනවා. අදත් යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා මම තව තවත් නිවැරදි කරනවා.

19 වැනි සංශෝධනය මම පාස් කරන්න පාර්ලිමේන්තුවේ මේ මැතිඇමැතිවරු ගාවට ගිහින් මෙ අයගේ ගෙවල්වල ගියා. පාර්ලිමේන්තුවේ ලොබියට ගියා. මම ගිහින් කරට අත දාලා බඩ අතගාලා මල්ලි අයියෝ ඇමැතිතුමා ජන්දය දෙන්න කියලා කිව්වා 19 ට ලෝකයේ සුපිරිම තනතුර අධිබලැති ඇමෙරිකාවේ ජනාධිපතිටවත් නැහැ. ලංකාවේ ජනාධිපතිට තිබුණු බලතල 19 වැනි සංශෝධනයේ මීට කලින් තනිකර රාජාණ්ඩු ක‍්‍රමයක්. එදා පොලිස්පති පත්කළේ ජනාධිපති අග‍්‍රවිනිශ්චයකාර පත්කළේ ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කළේ ජනාධිපති. නිතීපති පත් කළේ ජනාධිපති. අද ජනාධිපති නොවෙයි ඒ අය පත් කරන්නේ. මම ඒ බලය පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාදායක සභාවට දුන්නා.

රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළා. අහන්න කියන්න කතා කරන්න සම්පුර්ණ නිදහස දුන්නා. ඒ නිසා ඒ නිදහස් යුගයක අපි සියලූදෙනා එකට එකතු වෙලා යමු. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ, රට තුළ පැහැදිලිව පේන දෙයක් තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 පැරදුනා. දෙසැරයක් පැරදුන පක්ෂය මේ පසුගිය අවුරුදු දෙක තුනේ මම ශක්තිමත් කළා. පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළා. මේ පසුගිය මාසයක් හමාරක් ගත්විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය වේගයෙන් ශක්තිමත්ව උඩට ඇවිත් තියෙනවා. අපි පෙබරවාරි 10 වැනිදා දිනනවා යැයි කියන එක තමුන්නාන්සේලාට මම පැහැදිලිව කියනවා.

මෙම අවස්ථාවට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, හිටපු ජේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරු මෙන්ම පාර්ලිමේන්තු මැති අමැතිවරු රැුසක් එක්ව සිටියහ.

එස්. වී. බණ්ඩාර – කෑගල්ල

Untitled-2