”රටක ජනාධිපතිවරයා ඉන්න  ඕනෑ ජනාධිපතිවරයා විදියට. එහෙම නැත්නම් නැවී නැවී, බැණුම් අහ අහා නෙමෙයි. ඇමැතිගෙනුත් බැණුම් අහනවා. මන්තී‍්‍රවරයාත් බණිනවා. එක්සත් ජාතික පක්ෂයේ පුංචි කොල්ලාත් බණිනවා. එ් බැණුම් අහගෙන ඉ`දලා ඇවිත් ජනාධිපතිවරයා කරන්නේ අපිට බණින එක” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ මහනුවර ගෙලිඔය පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන මැතිවරණ ප‍්‍රචාරක රැුළියට එක් වෙමිනි.

එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
”අද පොහොරත් නැහැ. ගම්මිරිස්වලට මිලත් නැහැ. සාදික්කා වැනි සුළු අපනයන බෝගවලට මිලක් නැහැ. අද ගොවියා හාමතේ. වේලක් ඇර වේලක් කන තත්ත්වයට ගොවියා පත් වෙලා. තරුණයින්ට රක්සාවන් නැහැ. එ් නිසයි විශාල තරුණ පිරිසක් අද අපිත් එක්ක එත් වෙලා ඉන්නේ. ඔවුන්ගෙන් ඇහුවනම් රස්සාවන් දුන්නාද කියලා. මම උපාධිධාරින් 90000ට ද කොහෙද රස්සා දුන්නා. එක පාරක් 50000කට දුන්නා. ඊළ`ගට හිටපු ඔක්කොටම දෙන්න කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ. උපාධිය අරගෙන ගෙදරට වෙලා ඉන්න වෙලා. මේක තමයි ඇත්ත කතාව.

මේ පළාත්වල තේ විකුණගන්න මම වැඩපිළිවෙළක් හැදුවා. ගම්වල ව්‍යාපාරයක් වශයෙන් විදියට කරගෙන යන මේ ව්‍යාපාරයේ කොලිටිය හොඳ නරක වෙනුවට අපි විස`දුමක් දෙන්න හැදුවා. වෙනම වෙන්දේසි වැඩපිළිවෙළක් අපි සකස් කළේ. අද එ් කිසිම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මම පටන් ගත්ත සංවර්ධන කටයුතු විවෘත කරන එක නම් දැන්් කරගෙන යනවා. එ්වා කරන ගමන් මට බණිනවා. රට වැටිලා තියෙන්නේ මේ වගේ තත්ත්වයකටයි. අද මේ රටේ කිසිම නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ගොවියා අනාථ කරලා. කෘෂිකර්මයෙන් ජීවත් වෙන මිනිහා අනාථ කළා විතරක් නෙවෙයි. ව්‍යාපාරවලට මොකද වෙලා තියෙන්නේ. බඩු ගන්න නම් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන්න  ඕනේ. සල්ලි නැත්නම් මිනිස්සු ව්‍යාපාරවලට ගිහින් බඩු ගන්නේ නැහැ. කාර් එකක්, බයිසිකලයක් මිලදී ගන්න අද මිනිස්සුන්ට හිතන්නවත් බැහැ. එච්චරට බඩු ලාභ කරලා. මේවා ගැන මාධ්‍ය ඇහුවාම එක ඇමැතිවරයෙක් කිව්වා. එව්වා කරන්න බැහැනේ. බැරි එකා බැරි විදියට ඉන්න  ඕනේ. පුළුවන් එකා විතරයි වාහන ගන්න  ඕනේ. එ්ක නිසයි කෝටි ගණන් මිල වැඩි කරලා තියෙන්නේ. මේක තමයි මේ රටේ ඇත්ත. කිසි වැඩක් කරන්නේ නැහැ. රට කොටවනවා. රට බෙදනවා. ජාතින් අතර සංහිදියාව කියලා ගැටුමක් හදන්න මාන බලනවා.

එ්වායින්  තමයි ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නේ කියලයි එ් අය හිතන්නේ. එ්වා සුම්මා. තවත් බැහැ. දැන් අපිව නරකාදියට ගෙනියනවා කියනවා. නරකාදියට යනකල්ම එයා යන්නේ නැතිලූ. එයාටත් අමතක වෙලා. එන අවුරුද්දේ ඉවරයි. එන අවුරුද්දේ මැතිවරණය. දැන් භය වෙලා. ගමක් ගාණේ ගිහින් රැුස්වීම් තියනවා. නිකන් නෙවෙයි යන්නේ. අපිට බැණ බැණ. මෙච්චර දඟලන්න  ඕනෙ නැහැ. කලබල වෙලා. වෛරයෙන් ක්‍රෝධයෙන් මේ කෑ ගහන්නේ. රටක ජනාධිපතිවරයා ඉන්න  ඕනෑ ජනාධිපතිවරයා විදියට.

මේක අගමැති ජනාධිපති අතර තිබුණ සීතල යුද්ධය දැන් එළිපිට පටන් ගැනීමක්. අපි කරපු දේවල් කියන්නේ නැත්තේ වරායේ ඉ`දලා එ් දේ්වල් කියන්න ගියොත් පැය ගාණක් යන නිසයි. අපි වරායක්, ගුවන් තොටුපළක් රෝහලක් හැදුවා නම් මේ කට්ටිය එ්වා ක‍්‍රමානුකූලව පිටරටට විකුණගෙන යනවා. මේවා අපේ දරුවන්ගේ සම්පත්. හම්බන්තොට වරාය විතරක් නෙවෙයි අපි හැදුවේ. නැගෙනහිර වරායන්, ඔළුවිල් වරාය, කේ.කේ.එස් වරාය, ති‍්‍රකුණාමලය වරාය හැදුවා. ගාල්ල හැදුවා. කොළඹ හැදුවා. මේ විදියට අවුරුදු අටසිය ගාණකට පස්සේ අපේ රටට වරායක් හැදුවා නම් එ් අපියි. මේ විදියට තමයි අපි රටේ සංවර්ධනයක් ඇති කලේ. පාරවල කාපට් කිරිම කොන්කි‍්‍රට් කිරීම ඇරඹුවා.

තිස් අවුරුදු යුද්ධයක් නිසා භයේ හිටපු මිනිස්සු, අද එ්වා අමතක කරලා අපිට කෑ ගහනවා. වතුකරයේ අලූත් වැඩපිළිවෙළක් යටතේ මාර්ග සංවර්ධනය අපියි පටන් ගත්තේ. ජීවන වියදම අපි පාලනය කර ගත්තා. මේ අය වගේ ජීවන වියදම අහසට යන්න ඇරලා අපි බලාගෙන හිටියේ නැහැ. මෙ රටේ ගොවියො නිෂ්පාදනය කරන මේ රටේ හාල් ටිකම අපි ජනතාවට දුන්නා. අපි කෑවේ අපේ බත්. ලංකාවේ බත්. පිටරටින් ගෙනාපු දේවල් නෙවෙයි. මෙයාලගේ ප‍්‍රතිපත්තිය එක්කොම පිටරටින් ගේන එක.  ගොවියාට පොහොර ටික දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනවාට මේ අය විරුද්ධයි. එතකොටයි පිටරටින් ගේන්න පුළුවන්. මේ විදියට පිටරටින් ගේන්න ගේන්න මෙයාලට වාසි තියෙනවා. එ්කයි ඇත්ත.

එදා බැන්නා අපි අධිකරණයට ඇඟිලි ගැහුවා කියලා. දැන් අපිට පේනවා කවුද ඇ`ගිලි ගහන්නේ කියන එක. මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ අලියා පරදන්න. බුලත් කොළේ පරදන්න. අත පරදන්න.  මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙලා ඉන්න සීනුව පරද්දන්න. මෙයාලා තමයි මේ තරම් කාලයක් රනිල්ට බැන්නේ. හිටපු ගමන් මෙන්න රනිල්ට බැණිල්ල නවත්තලා මෛත‍්‍රීට බණිනවා. මේ ඊයේ පෙරේදා. මෛතී‍්‍ර තමයි බැ`දුම්කර කොමිසමෙන් වාර්තා වෙලා තියෙන විදියට මහෙන්ද්‍රන්ව පත් කළේ. මෙච්චර කලක් ඉ`දලා දැනුයි මතක් වෙලා තියෙන්නේ. ඇත්ත එ්ක නෙවේ. මේ අය එක්සත් ජාතික පක්ෂය එක්ක පොඩි ගිවිසුමක්. එ්ක හින්දනේ එක්සත් ජාතික පක්ෂය එක්ක හවුලේ කෑවේ.

අපිව පරදන්න එක වේදිකාවට නැග්ගේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ජනතාවගේ ජන්ද කල්් දාන්න එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා ඡුන්දය දුන්නේ. විපක්ෂයේ 54 කණ්ඩායමක් ඉදිද්දි 16 දෙනාට විපක්ෂ නායකකම දුන්නේ. හය දෙනාට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? එ්කාධිපතියා මමද එයාද? අපි බලයේ ඉන්න කොට කවදාවත් ඔහොම දේවල් කලාද? අපි දහවෙනිදාට මුළු රටම දිනනවා. ඔබේ පළාතෙත් පොහොට්ටුව දිනවන්න පියවර ගන්න. පොහොට්ටුවට ජයවේවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා :
මාස තිස් හතරකට පස්සෙයි ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්නේ. අපියි ජනතාවට මේ මැතිවරණය දිනා දුන්නේ. මේ ආණ්්ඩුව අවුරුදු තුනක් රට කෙරුවේ ඡුන්ද කල් දමමින්. යහපාලන රජය බලයට එන්න ඔබලාට දුන්න පොරොන්දු මතකද? දැවැන්ත පොරොන්දු කන්දරාවක් දීලයි එ් ගොල්ලෝ ජනතාවගෙන් ඡුන්දය ගත්තේ. මේ තරම් පොරොන්දු දීලා ජනතාවගෙන් ඡුන්දය අරන් එයාලා මොකද කළේ. මේ විදියට බොරු කන්දරාවක් කියපු කට්ටිය ගෙදර යවන දවසේ ආරම්භය පෙබරවාරි 10යි. එදාට ලැබෙන මැතිවරණ ප‍්‍රතිඵලය රට උඩුයටිකුරු කරන මැතිවරණ ප‍්‍රතිඵලයක් වෙනවා. මේ මැතිවරණය තමයි රනිල් වික‍්‍රමසිංහ ගෙදර යවලා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ මූලාරම්භය.
මහ බැංකුව කොල්ලකාපු මේ හොරු ජනතා අධිකරණයක් මගින් ගෙදර යවන දිනය විදියටත් පෙබරවාරි 10 සලකන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා :
බණ්ඩාරනායක මහත්තයා හදපු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ ප‍්‍රතිපත්ති එ් විදියටම කි‍්‍රයාත්මක කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයායි. කන්ද උඩරට සියලූ ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කරන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරනවා. අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයය එක්සත් ජාතික පක්ෂෂයේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන්න සහයෝගය ලබා දෙමින් සිටිනවා. එහෙම වෙද්දි චන්ද්‍රිකා අක්කා කියනවා මට මහින්ද රාජපක්ෂව නැතුව බැරිලූ. එ්ක නෙවේ ඇත්ත. මම මහින්ද රාජපක්ෂ මහත්තයා ළ`ග ඉන්නේ. එතුමා අපි ගරු කරපු සැබෑ බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන නිසයි. එ්ක චන්ද්‍රිකා අක්කා දන්නවා.

අද ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය අතර ඞීල් තියෙනවා. මේවා ජනතාව දැනගත යුතුයි.
මේ අවස්ථාවට එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැුසක් සහභාගි වූ අතර අති විශාල ජනකායක්් මෙම රැුලියට එක්ව සිටියහ.

ඡුායාරූප – කණිෂ්ක බැද්දවලගේ

Untitled-4 Untitled-2 Untitled-3