ලකුණු 199ක ඉලක්කය පහසු එකක් ලෙස පෙනුණ ද ඊයේ ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පැවති තීරණාත්මක එක්දින ක‍්‍රිකට් තරගය්දී අපහසුවෙන් නමුත් කඩුලූ 5 ක ජයග‍්‍රහණයක් වාර්තා කළ ශ‍්‍රී ලංකා පිල තවදුරටත් බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය තුළ රැු`දී සිටින්නට සමත් විය.

ශ‍්‍රී ලංකා පිළේ ජය තහවුරු කිරීමට දෙවන කඩුල්ලට කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් අතර පැවති ලකුණු 70 ක සම්බන්ධය හා තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් පස්වන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 57ක සම්බන්ධය ද පිහිටූ වූ අතර කුසල් ජනිත් (49* කුසල් මෙන්ඩිස් (36* දිනේෂ් චන්දිමාල් නොදැවී (38* තිසර පෙරේරා නොදැවී (39* ක් වශයෙන් ලකුණු රැුස් කරන්නට සමත් වූහ.

ඒ අතරින් තිසර පෙරේරා පන්දු 26 කට මුහුණ දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සහිතව ප‍්‍රදර්ශනය කළ ප‍්‍රහාරාත්මක පිතිහරඹය මෙන්ම පන්දු යවමින් ලකුණු 33කට කඩුලූ 4ක් දවා ගැනීම ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමේ අවස්ථාව සලසා දී තිබුණි.

කාසියේ වාසිය නැවතත් සිම්බාබ්වේ පිල ලබමින් මුලින් පිතිකරණයට පිවිසියද ශ්‍රී ලංකා පිලට තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය තීරණාත්මක එකක් වූ නිසාදෝ තරගය මුල සිටම ප්‍රතිවාදීන්ට අභියෝග කිරීමට සමත්වීම නිසා සිම්බාබ්වේ පිල ඕවර 44ක් තුළ ලකුණු 198කට සීමා කිරීම විශේෂත්වයක් විය. අවසන් තරගයට යෑමට නම් ජයගත යුතුම තරගයක් වූ මෙම තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් හොාදින් පිටියේ කැපීපෙනුණේ පන්දු යවන්නන් භාවිත කරමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට සමත් වූ බැවිනි.

මුල් ඕවර දහය තුළ ලකුණු 44ට සීමා කරමින් තිසර පෙරේරා හැමිල්ටන් මාකඩ්සා ලකුණු 20කට දහවැනි ඕවරයේදී දවා ගැනීම අස්වැසිල්ලක් වූයේ ඔහු කඩුල්‍ලේ රැඳී සිටියේ නම් ලකුණු ලැබිමේ වේගය වැඩි වන හෙයිනි.

මුල් කඩුලු තුනම තිසර පෙරේරා ලැබිම සිම්බාබ්වේට වඩාත් පසුබැසීමට ලක්වීමට හේතුවක් විය. මෙම තරගයට වනිදු හසරංග වෙනුවෙන් කැඳවූ ලක්ෂ්න් සඳකැන් ලකුණු අතර සිටි සිකන්ඩර් රාසද් ලකුණු 9කට තමාගේ ප්‍රථම ඕවරයේදීම දවා ගත් අතර ඒ සඳහා කුසල් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව විශේෂ වූයේ හුදෙක් පන්දු රැකීමේ දක්ෂතාවම නිසා රාසා දැවී ගිය හෙයිනි.

බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 80ක් තුළ ලකුණු 58ක් ලබමින් තම 37 වැනි අර්ධ ශතකය ලබා ජීවයක් ගෙන ආ අතර මැල්කම් වොලර් සමග පස්වැනි කඩුල්ලට ලකුණු 65 එකම සාර්ථක සබඳතාව ඉනිමේ පැවැත්වීම කැපීපෙනුණි. කෙසේ වුවත් නුවන් ප්‍රදීප් අග කඩුලු තුනම කලින්ම පන්දුව කඩුල්‍ලේ වැදීමෙන් දවා ගත් අතර ඒ අතර නායකත්වයේ ඉනිමක් ලැබූ ග්‍රැහැම් ත්‍රිමර් පන්දු 42ක් තුළ ලකුණු 34ක් ලැබිම හැරුණ විට සෙසු පිතිකරුවන්ට ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදුන්හ.

ස්ක්ටයා ලෙග් පෙදෙසේ සිටි මෙන්ඩිස් රැගෙන් රාසාගේ උඩ පන්දුව ගැන ඇගයීමෙන් කතා කළද ශ්‍රී ලංකා පිලට උඩ පන්දු තුනක් ගිලිහී නොයන්නට සිම්බාබ්වේ පිල ලකුණු 150කද පසු කිරීමට අපහසුවීමට තිබුණි. කෙසේ වුවත් නායක ක්‍රිමර් හා පරිණත ක්‍රීඩක ටේලර්ගේ ක්‍රියාත්මක වීමෙන් අවසානයේ ශ්‍රී ලංකා පිලට ඒවරයකට ලකුණු හතරක සාමාන්‍යයෙක් ලැබුණද ඔවුන් ඕවර හයක් ඉතිරිව තිබියදී දැවි යාම අනපේක්ෂිත තත්ත්වයක් වූයේ මුල් තරගයේදී ලකුණු 290ක් කරා ගිය හෙයිනි. කෙසේ වුවත් කඩුලු ලැබිම නිසා මුල් ඕවර දහය ලකුණු ලැබිම සීමා කිරිම නිසා කිසිම විටෙක ඕවරයකට ලකුණු පහක සාමාන්‍යය ඉක්මවීමට නොහැකි විය.

නුවන් ප්‍රදීප් ලකුණු 28ට කඩුලු 3ක්ද තිසර පෙරේරා කඩුලු 4ක්ද ලැබිමත් ශ්‍රී ලංකා පිල ඉදිරියට යාමේදී සඳකැන් ප්‍රථම වරට මිර්පූර් තණතිල්‍ලේ ක්‍රීඩා කරමින් ලකුණු 57ට කඩුලු 2ක් ලැබිම කැපීපෙනුණි.