විදුලිබල මණ්ඩල සේවකයන් පිරිසකගේ ග්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩල සභාපති ගනේගල මහතා මුදාගැනීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමත් සමග ඊයේ (17) රාත්‍රියේ විදුලිබල මණ්ඩල මුලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී තමන්ට පහරදීමක්ද සිදුවූ බවයි විරෝධතාවයේ නිරත සේවකයින්පවසන්නේ. එම පහරදීමට සහ නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් අද පෙරවරු 9.00 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ. ඊයේ රාත්‍රී ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ විරෝධතාවට එක්ව සිටි සේවකයින් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ ඕනෑම වර්ජනයකට මුහුණදීමට සුදානම් බවයි.