මුදල් ඇමැති මංගල සමරවීර මේ වන විට පුවත් මවන්නකු බවට පත්ව තිබේ. 2018 වසර සඳහා අවයැව ඉදිරිපත් කරමින් ඔහු පුවත් මැවීම ආරම්භ කළේ ය. ඒ බිර බද්ද අඩු කිරීමට යෝජනා කරමිනි. අරක්කු වැනි සැර මත්පැන්වලට වඩා බිර හිතකර වැනි තර්කයක් පදනම් කරගෙන ඔහු එවැනි යෝජනාවක් කළේ ය. ඇමැති මංගල යළි කතාබහට ලක්ව ඇත්තේ ද මත්පැන් ප්‍රශ්නයක් මුල් කරගෙනය. එහිලා කරුණු කීපයක් තිබේ. පළමුවැන්න ඔහු වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මත්පැන් හලකට ගොස් මත්පැන් මිලදී ගැනීමට තිබූ බාධාව ඉවත් කරීමය.

1958 පැනවූ නීති රෙගුලාසි අනුව කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට ෙනෙතික සීමාව තිබුණි. ඇමැතිවරයා ඉවත් කළේ එකී සීමාවය. එපමණක් නොව මත්පැන්හල්වල සේවය කිරීමට ද කාන්තාවන්ට ඇති බාධා ඉවත්ව තිබෙන බව ද සඳහන්ය. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ බාධාව ඉවත් කළේ පිරිමින් හා සම තැන ලබා දීමට බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. සැබැවින්ම මෙය එක්තරා ආකාරයකට හාස්‍ය උපදවන තර්කයකි. කාන්තාවන්ට සමතැන් දුන්නාට කිසිදු විරෝධයක් නොමැත. එහෙත් මේ දේශපාලනඥයන්ට කාන්තාවට සමතැන් දීමට සිහිපත්ව තිබෙන්නේ මත්පැන් භාවිතයේ දී පමණක් වීම එකී හාස්‍ය වැඩි කරයි. මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ කොතෙකුත් තිබේ. ඒවා නොගෙන මෙවැනි තීන්දු ගැනීම මගින් පෙනෙන්නේ ආණ්ඩුවේ තරමය.

මේ රට යන මැද පෙරදිග වහල් සේවය සඳහා කතුන් පටවන තිප්‍පොළකි. එයට විසඳුමක් දීමට තවම අප සමත්ව නැත. එපමණක් නොව මෙරට කාන්තා අධ්‍යාපනය පිළිබඳ විසඳාගත යුතු ප්‍රශ්න රැසකි. එසේම කාන්තාවන්ට එරෙහි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වර්ධනය වී තිබේ. තිස් අවුරුදු යුද්ධය නිසා සරණක් අහිමි වූ කාන්තාවන් රැසක් උතුරේ සේම දකුණේ ද සිටිති. මෙවැනි කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩු ගෙන තිබෙන පියවර මොනවාද? ඔවුන්ගේ ජීවිත නංවාලීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? මේවා කෙරෙහි අවධානය යොමු නොකර මත්පැන් බිම අතින් කාන්තාවන්ටත් සම තැන දීමට කල්පනා කිරීම විහිළු සහගත නොවේද? මේ එක් පැත්තකි. අනෙක් අතට මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය නිසා මෙරට පවුල් සංස්ථාව දැඩි අර්බුදයකට ගොස් තිබේ. හවසට බිගෙන ගෙදරට එන පියා නිසා මව පමණක් නොව දරුවන් සිටින්නේ ද දැඩි භීතියෙනි. මේ අත්දැකීම සහිත පවුල් ඕනෑ තරම් තිබේ. එවැනි පසුබිමක සවසට මව ද මත්පැන් පානය කර නිවසට පැමිණේ නම් උදාවන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

ඉන් අසරණ වන්නේ අහිංසක දරු පැටවුන් ය. මව සහ පියා එක විට බිගෙන නිවසට පැමිණියහොත් එතැනින්ම ඒ නිවස බිඳ වැටෙනු ඇත. පියාට ද මවගේ බිමට එරෙහි විය නොහැකිය. මවටද පියාගේ බිමට එරෙහි විය නොහැකිය. කොළඹ සමහර පවුල්වල අඹුසැමියෝ එක්ව කුඩු ගසති. ඒ සඳහා එකට එක මුදල් හොයති. මේ මංගල සමරවීරගේ සම අයිතිය කතුන්ට හිමි වුවහොත් එවැනි අර්බුදයකට බොහෝ පවුල් ගොදුරු වනු ඇත. ජනාධිපතිවරයා මෙයට කලකට පෙර ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිරිමින්ට වඩා කාන්තාවන් මත්පැන් පානය කරන බවය. එයට එක් ප්‍රධාන හේතුවක් නම් දුගීකම සහ නූගත්කමය. මේ කාන්තාවන් බෙහෙවින් පානය කරන්නේ නීති විරෝධී මත්පැන්ය. මෙනිසා උද්ගතව තිබෙන සෞඛ්‍යමය හා සමාජමය ගැටලු පිළිබඳ නිදර්ශන එමටය. එම කාන්තාවන් මුහුණ පා තිබෙන සෞඛ්‍යමය ගැටලු පිළිබඳ නිදසුන් රෝහල්වලින් සොයාගත හැකිය. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂිකව ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

යම් හෙයකින් මංගල සමරවීරගේ සම අයිතිය දීමේ ක්‍රමය අනුව මෙරට බොහෝ ග්‍රාමීය කාන්තාවන් බිමට ඇබ්බැහි විය හැකිය. විශේෂයෙන් අලුත් පරම්පරාව කැරකෙන්නේ විෂම චක්‍රයක් වටාය. ඔවුන්ගේ ලෝකය එතරම් පුළුල් එකක් නොවේ. ඔවුන් ලෝකය දකින්නේ ෆේස් බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය මගිනි. එසේම තමන්ට සම හිමිකම ලැබිය යුතු යැයි සටන් පාඨ සේ පදනමක් නොමැතිව උච්චාරණය කරන පිරිසක්ද මේ අලුත් පරම්පරාවේ කතුන් අතර සිටී. බොහෝ විට මේ කාන්තාවන් සම අයිතිය ලබා ගැනීම සඳහා තදබල ලෙස බිමට ඇබ්බැහි වීමට ඉඩකඩ තිබේ.

එනයින් බලන කල මංගල සමරවීරගේ අලුත් වැඩපිළිවෙළ පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් විය හැක. දැනටද අගනුවර ඇතුළු නාගරික ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට සහ මත්පැන්වලට ඇබ්බැහි වූ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් සිටිති. එසේම බිර පානයට යොමු වූ පිරිස ඒ අතරින් විශේෂය. සමහර විට තැබෑරුමකට ගොස් මත්පැන් මිලදී ගෙන පානය කිරීම යම් විශේෂ වරප්‍රසාදයක් සේ කල්පනා කිරීමට කාන්තාවන් යොමු විය හැකිය. මෙකී කවර ආකාරයෙන් බැලූවද ඇමැතිවරයා කතුන් බිමට ඇබ්බැහි කිරීමට හේතුවන ආකාරයෙන් තීන්දු ගැනීම ජාතික අපරාධයක් සේ සැලකිය හැකිය. මෙවැනි ආකාරයේ නුවණක් ඇමැතිවරයාට පහළ වූයේ කෙසේ දැයි විමසිය යුතුය.

ඇමැතිවරයා ලිබරල් හෝ වේවා නව ලිබරල් වේවා කවර මතවාදයක් දැරූවද තමන් සිටින්නේ කෙබඳු රටක දැයි තේරුම් ගත යුතුය. මෙය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය පදනම් වූ රටකි. එය මත්පැන්, මත්ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කරන සංස්කෘතියකි. එසේම කාන්තාවගෙන් ඒ සංස්කෘතිය අපේක්ෂා කරන්නේ බේබදු පෞරුෂයක් නොවේ. මාතෘ පෞරුෂයකි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඒ මාතෘ පෞරුෂය එහෙම්පිටින්ම විනාශ කර දමන්නකි. අනෙක අපේ පවුලකට වුවමනා කරන්නේ වැනෙන මවක් නොව කෙළින් කටින් සිටින මවකි. මංගල සමරවීර ඇමැතිවරයාට පමණක් මේ පිළිබඳ චෝදනා කළ නොහැක. ඇමැතිවරයා මෙවැනි තීන්දු තීරණ ගන්නේ කැබිනට්ටුවෙන් විමසාය.

කැබිනට්ටුව මෙවැනි තීන්දු ගනිද්දී නිදාගෙන සිටියේ දැයි විමසීමට සිදු වේ. එසේම ජනාධිපතිවරයා මතින් තොර රටක් වෙනුවෙන් කැපවන්නෙකි. මෙවැනි යෝජනා ඒ වැඩපිළිවෙළට හානිකර බව අමුතුවෙන් කිව යුතුද? එහෙයින් මේ යෝජනා ආපස්සට ගැනීමට පියවර ගත යුතුය. ඒ යෝජනා මගින් ඇමැතිවරයා අපේක්ෂා කර තිබෙන්නේ ආණ්ඩුවට වැඩි වැඩියෙන් මුදල් ඉපයීම විනා සමාජය මුහුණ දෙන සමාජ සංස්කෘතික සදාචාරාත්මක පරිහාණිය නොවේ. මුදල් දෙස පමණක් බලා තීන්දු ගන්නවා නම් රටකට ආණ්ඩුවක් වුවමනා නැත.

SHARE

4 COMMENTS

  1. හුරේ…..අද සිට අක්කලා, නංගිලා, අම්මලා ,නැන්දලා ඔක්කොටම මනුස්ස ආත්ම ලබපු පිරිමි බුරුවන් මෙන් කකුල් හතරෙන් ගෙදරට පැමිණීමේ වාසනාව උදාවී ඇත . ඉතාමත්ම හොද තීරණයක් බාගයක් අරගෙන කාලක් ගහල ඉතිරිය ක්ලිනික් එකේදී උනත් බොන්න බැරිය…දියවන්නාඔය මීහරක් මඩුවේ ඉන්න පාහර අම්බරුවන් ගෙන් අඩුතරමින් හෝ එකෙකුටවත් කොන්දක් තිබුනේ නැද්ද මේ උගත් නම්බුකාර තීරණයට විරුද්ද වෙන්න…ඇ මුසල පර බල්ලනේ තොපි ලාංකිකයෝද ????? තුක් නොදකින් කාලකන්නි අවජතකයෝ……

  2. මම පිටරට සේවය කරන්නෙක්. ඇත්තටම මංගල සමරවීර ගනු ලැබූ තීරනය නිවැරදිය්. ඉදිරියටත් මෙවැනි තීරන ලබාදෙන ලෙස අමාත්යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම ලිපිය පල කල පුද්ගලයා බොලඳ තර්ක ඉදිරිපත්කර කාන්තාව බය කර නැවතත් කොටුකර තැබීමට මහන්සි ගනී. මෙම පුද්ගලයන් බියවී ඇතිබව පෙනේ. පිට රට සිට බැලූවිට (අග්නිදිග ආසියාව දෙස) කාන්තාවන් යටපත් කරගෙන සිටින, වැට කඩතොලු බැඳි ප්රදේශයකි. ඔය රටවල කාන්තාවන්ට නිදහස තිබෙනවා කියා යැය් කෑගැසුවාට පි(අරාබිය,අග්නිදිග ආසියාව හැර) මෙම රටවල තිබෙන නිදහස පමතිබේ?හස කො. කොපමණ තිබේද? කවරැවුනත් ඔය කෑගහන්නේ බයට. අමාත්ය තුමාට මම යෝජනා කරනවා බටහිර වැසියන් අප රටේ පදිංචි කරවන ලෙස.

  3. මිනිහ හතර ගාතෙන් එනකොට ගෑණිත් හතර ගාතින් ගෙන්න ගන්නද? අද මේ රටේ රෙදි ඈන්දට, විළිලෑජ්ජාවක් නෑහෑ. බොලාට අම්මෙක් හිටියේ නෑද්ද ඕයි. සින්හල බෞද්ධ රටක් තියෙන්න ඕන ඒ විදියට. අපි බුදු බණ අහන රටක් ඕයි.

  4. මිනිහ හතර ගාතෙන් එනකොට ගෑණිත් හතර ගාතින් ගෙන්න ගන්නද? අද මේ රටේ රෙදි ඈන්දට, විළිලෑජ්ජාවක් නෑහෑ. බොලාට අම්මෙක් හිටියේ නෑද්ද ඕයි. සින්හල බෞද්ධ රටක් තියෙන්නමිනිහ හතර ගාතෙන් එනකොට ගෑණිත් හතර ගාතින් ගෙන්න ගන්නද? අද මේ රටේ රෙදි ඈන්දට, විළිලෑජ්ජාවක් නෑහෑ. බොලාට අම්මෙක් හිටියේ නෑද්ද ඕයි. සින්හල බෞද්ධ රටක් තියෙන්න ඕන ඒ විදියට. අපි බුදු බණ අහන රටක් ඕයි. ඕන ඒ විදියට. අපි බුදු බණ අහන රටක් ඕයි.

LEAVE A REPLY

Previous articleදේශපාලකයන්ට රතුඑළි දල්වන පාර්ලිමේන්තු ගුටි කෙළිය
Next articleකඩවත රැලියේ මහින්දට වෙන් කළ විශේෂ ආසනයට මොකද වුණේ?