බටහිර නාවික විධා‍නයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සතුව තිබී ඖෂධ පෙති 1000 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇත. එම පුද්ගලයා සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය  පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.