නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත. මෙම කේරළ ගංජා තොගය එම ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

4 (2) 6 (1)