වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 7 වැනි වරටත් පේ‍රස්ටීජ් ඔටෝ මොබයිල් සමාගමේ පූර්ණ අනුග්‍රහය සහිතව බි.එම්.ඩබ්ලිව්.-හුන්ඩායි කුසලාන වෙනුවෙන් සංවිධානය කරන වෙළෙඳ සේවා පන්දුවාර 50 ‘සී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ලීග් හා පිළිමලුන් පිටුදැකීම යන කොටස් දෙකකින් යුක්තව මෙවරත් පැවැත්වේ.

මෙවර තරගාවලියට නවක කණ්ඩායම් 8ක් සහිතව කණ්ඩායම් 14ක් ඇතුළත්ය. ඒ අනුව ලීග් වටය කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය.

මෙම ලීග් තරගාවලිය ජනවාරි 13 වැනි දා ඇරඹෙන අතර ජනවාරි 28 වැනි දා අවසන් වීමට නියමිතය. එම ලීග් වටය තරග 42කින් සමන්විතය.

එම තරගාවලියේදී කාණ්ඩ දෙකේ මුල් ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් අට පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබන අතර එම වටයට තරග 7කි.

මාර්තු 3 වැනි දා ආරම්භ වන මෙම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය ඇරඹෙයි. එහි අවසන් පූර්ව තරග මාර්තු 10 වැනිදා ද අවසන් තරග මාර්තු 17 වැනිදා ද පැවැත්වීමට සැලසුම් කර ඇත. තරගාවලියට ක්‍රීඩාංගණ 8ක් භාවිත කරන අතර බි.එම්.ඩබ්ලිව්.-හුන්ඩායි ශූරතා කුසලානයට අමතරව හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ වීරයා වශයෙන් සම්මාන හතරක් ද ප්‍රදානය කෙරේ.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
බි කොටස – කොමර්ෂල් බැංකුව, ජේ.එල්. මොරිසන්, හේෂාන් ෆ්ලෙක්සි පැක්ජින්, පිමිඩ් විල්මර්, නේෂන් ට්‍රස්ට් බැංකුව, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් හා පෑන්ඒෂියා බැංකුව

ඒ කොටස – සිටිසන් ඩිවලොප්මන්ට්, කොමර්ෂල් ලීසිං, ස්ටැෆර්ඩ් මෝටර්ස්, කැන්රිච් ෆිනෑන්ස්, පීපල්ස් ලීසිං, කලම්බු ඩොක්යාර්ඩ් හා ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව

 සීවලී එදිරිවීර