රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් එම දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කිරීමේ වත්මන් රජයේ උත්සහයට විරෝධය පළ කරමින් ජනතාව දැනුවත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදා හැරීමක් පෙරේදා (10* සවස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සිදුවිය. මෙයට එම දෙපාර්තමේන්තුවේ කොළඹ, ගම්පහ, සහ කළුතර දිස්ත‍්‍රික් කාර්යාලයන්හී නිලධාරීන් එක්ව සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඞී.එම්. සෙනෙවිරත්න මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”අප දෙපාර්තමේන්තුවෙන් රටේ සංවර්ධන කටයුතු අරඹයා සිදුවන සේවය පිළිබඳව ජනතාව තුළ නිවැරදි අවබෝධයක් නොමැති බව අපට පෙනී ගියා. රටේ යම් සංවර්ධන ක‍්‍රියාවලියකදී සිදුවන ඉඩම් පවරා ගැනීමකදී පළමුව ක‍්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය වන්නේ අප ආයතනයයි. වෙළෙඳපොළේ වටිනාකම අනුව රජයට පවරා ගන්නා ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා ගැනීමේදී පළමුව ක‍්‍රියාත්මක වන්නේ අපයි. එහෙත් අපගෙන් රටට සිදුවන විපුල සේවය සහ ජනතාවට සිදුවන විපුල සේවය ජනතාව නොදන්නා නිසා ජනතාවගේ එම නොදැනුවත්කමට මුවා වී රජය අප ආයතනය පෞද්ගලිකකිරීමට ගන්නා උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස අප අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත් පත‍්‍රිකා බෙදාහැරීමක් සිදුකරනු ලැබුවා.”

2014 දෙසැම්බර් මස දොළොස් වැනිදා අප ආයතනයට ප‍්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැති වීම හේතුවෙන් අප ඉල්ලා සිටි නිලධාරීන් ප‍්‍රමාණය බඳවා ගැනීමට රජයේ නිලධාරීන් එක`ගතාව පළ කරනු ලැබුවා. එහෙත් එම එක`ගතා උල්ලංගණය කරමින් රජයේ පාර්ශ්වය ක‍්‍රියාත්මක වන්නේ තක්සේරු කටයුතු පුද්ගලික අංශයට පැවරීමෙන් අප අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ මල්ල තරවන හේතුවෙනි. එහෙත් ජාතික සම්පතක් වන තක්සේරු දෙපාර්තමේන්තුව සිදු කරණා කටයුතු පුද්ගලික අංශයට පැවරීම මගින් රජයක් සිදු කළ යුතු කාර්යයන් වෙනත් පාර්ශ්වයක්  යෑමෙන් එය රටේ ආරක්ෂාවට වුව අනතුරකට පත් විය හැකි තත්ත්වයක් තිබෙනවා.”

එම නිසා මෙම ගැටලූවට ස්ථිර විසඳුමක් ලැබෙනතුරා අප තක්සේරු දෙපාර්තමේන්තුව රැුක ගැනීමේ සටන ඉදිරියට කරගෙන යනවා. මෙහිදී රටේ මුදල් ඇමැති මංගල සමරවිර මහතා සහ අගමැතිවරයා මෙම තත්ත්වය අවබෝධ කර ගෙන ක‍්‍රියාකරනු ඇතැයි අප දැඩි සේ විශ්වාස කරනවා යැයි හෙතෙම වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ගාමිණී සරත් ගුණවර්ධන – මහරගම

Untitled-9