එකවරම හෙණයක් ගැසුවා වගේ විශාල ශබ්දයක් ආවා. මම හිතුවේ හෙණයක් ගැසුවා කියලා. අපි හිටපු බහුදින යාත‍්‍රාව නැවක වැදී ඇති බව දැනගත්තේ පසුව යැයි බහුදින යාත‍්‍රාවක් හා නැවක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරින් දිවි බේරාගත් ධිවර කාර්මිකයකු වන  ජයන්ත නෝමන්ද සිල්වා (58* එසේ පැවසීය.

දෙවුන්දර ප‍්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක් පමණ ගැඹුරු මුහුදු සීමාවේදී   නදිකා 02 බහුදින යාත‍්‍රාව භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබු නෞකාවක ගැටිමෙන් මෙම අනතුර සිදුවිය. ඒ පිළිබද තවදුරටත් අදහස් දක්වමින් ඔහු මේසේද කිවේය.

ඒ වෙලාවේ බෝට්ටුව අරගෙන ආවේ මම. නැවේ ස් කිපර් වශයෙන් කටයුතු කළ හිච්චා කීවා මාමේ නැවක් කියලා. ඔහු වීල්එක ගත්තා. මම කිව්වා අනික් පැත්තට කපන්න කියලා. නැවේ බෙ`ද් වැදුණු බෝට්ටුව මුණින් අතට පෙරළුනා. මම බෝට්ටුවේ කැබින් එක අල්ලාගෙන හිටියා. මම බෝට්ටුව පෙරළුනාට පසු ජනේලය අල්ලාගෙන හිටියා. වතුරත් මගේ ඔළුවට  උඩින් ආවා. ජනේලයෙන් එළියට ආවා. නැවේ මාරියාවත් එක්ක මට බෝට්ටුව අල්ලා ගන්න බැරිවුණා.
Untitled-7
විනාඩි 10ක් විතර ගිහින් බෝට්ටුව  අල්ලා ගත්තා. බෝට්ටුවේ එල්ලී හිටියා. නැවෙන්  ලයිට් ගහනවා. පස්සේ බෝට්ටුවේ තිබු දැලේ එල්ලිලා බෝට්ටුව උඩට ආවා. හැරිස් මුදලාලි ඇසුවා ඉන්නේ කොහෙද කියලා. මචං මම ඉන්නේ බෝට්ටුවේ උඩ කියලා කීවා. නැව ගියා උඩට එන්න කිවා. පස්සේ බලන විට ගොළු මල්ලි ඇනියේ එල්ලිලා හිටියා. අනික් කට්ටියට මොකද වුණේ කියලා මම දන්නේ නැහැ. විනාඩි 45 කට පමණ පස්සේ නැවෙන් බෝට්ටුවක් ඇවිත් මම හා ගොළු මල්ලි බේරාගත්තා.. බෝට්ටුවේ මුදලාලි බේරාගන්න විට උදේ හත විතර වුණා.  බෝට්ටුව  අනික් පැත්තට ගැසුවාට අඩියක් විතර පෙන්න තිබුණා. මුදලාලි බෝට්ටුව අල්ලාගෙන  ඉ`දලා තියෙනවා.  නාවික හමුදාවෙන් තමයි මුදලාලි බේරාගත්තේ.

09 වැනිදා උදේ දැල වට කරා මාළු ටිකක් හසුවුණා. ඩයිස් මාමාට දැල ඇදගන්න බැරිවුණා. හිච්චා ආවා ඉස්සරහට. නෝමන් අයියේ බෝට්ටුව ඇතුලේ, ඩයිස් මාමා වැටුනා කියලා. ඔහු දැල ඇදලා මහන්සියෙන් හිටියේ. වතුරත් බීලා තියෙනවා. පස්සේ දැන ගත්තා ඩයිස් මාමා මියගිහින් කියලා. පස්සේ   ඔහුගේ සිරුර වටේ අයිස්  තියලා බෝට්ටුවේ ඇනියේ තිබ්බා.  අපි ගොඩබිමට එන්න පිටත්වුණා. හික්කඩුවට එන්න තමයි පිටත් වුණේ. කෑම කැවෙත් නැහැ. වතුර බිබී තමයි ආවේ. ගොළු මල්ලි කිවා මාමේ බඩගිනියි කියලා පස්සේ ක‍්‍රිම් කැකර් බිස්කට් එකක් කාලා යට ඇෙ`ද් හාන්සි වුණා. හිච්චා බෝට්ටුව පදවාගෙන ආවා. රසික මට කතා කළා රාත‍්‍රි 10.12ට විතර. මම විල්එක ගත්තා. සැතපුම් 45ක් විතර තියෙනවා කියලා මා කීවා. එහෙම කියාල විනාඩි දෙක්ක ගියේ නැහැ. හෙණයක් ගහනවා වගේ  බෝට්ටුව  නැවේ වැදිලා පෙරළුනා.  යැයිද ධිවර කාර්මිකයා පැවසීය.

මෙම අනතුරෙන් ධිවර කාර්මිකයින් දෙදෙනෙකු මියගිය අතර තිදෙනෙකු තුවාල ලැබිය. තවත් ධිවර කාර්මිකයින් දෙදෙනකු අතුරුදහන් විය.

ලලිත් කංකානම්ගේ – ගිංතොට/ සමන් කුමාර – බූස්ස