විදේශ රැුකියා සඳහා පිටත්ව ගොස් වසර ගණනාවක් කිසිදු වැටුපක් නොලබා සේවය කළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 123 දෙනකු පසුගිය වසරේදී  මෙරට ගෙන්වා ගැනීමට හැකි වූ බව විදේශ රැුකියා නියුක්ති කාර්යාංශය පවසයි.

මොවුන් සඳහා කෝටි හයකට ආසන්න  හි`ග වැටුප් ප‍්‍රමාණයක්  ලබා දී ඇති අතර අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත්වීමෙන් කාර්යාංශය විසින් මොවුන් ලංකාවට ගෙන්වාගෙන තිබේ.

වැටුප් රහිතව සෞදි අරාබියේ සේවය කළ ශ‍්‍රමිකයින් 110 දෙනකු, කුවෙට් හි සේවය කළ 09 දෙනකු, ඩුබායි, කටාර් සහ ජෝර්දාන් යන රටවල සේවය කළ ශ‍්‍රමිකයින් 06 දෙනකු  මෙලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර රැුකියා ස්ථානවල ඇති වූ විවිධ ගැටලූ හේතුවෙන් තානාපති කාර්යාල යටතේ ඇති සුරක්ෂා නිවාසවල රැුඳී සිටි ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 2390 දෙනකු යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

එමෙන්ම  ශ‍්‍රී ලාංකිකයින් 2,12,216 දෙනකු විදෙස් රැුකියා සඳහා ගොස් ඇත. ගෘහ සේවිකාවන් 56,109 දෙනෙකු ඒ අතර වන අතර වැඩිම පිරිසක් විදෙස් රැුකියා සඳහා ගොස් ඇත්තේ කටාර් රාජ්‍යයට  බවද  විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

දිල්රුක්ෂි ගේ‍්‍රරු