හම්බන්තොට මාගම්පුර වරායේ සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් 438 දෙනෙකුගේ රැුකියාව සම්බන්ධව සාධාරණ විස`දුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වරාය පරිශ‍්‍රයේ දොරටුව අභියස සේවකයින් ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය තෙවන දිනයටත් ඊයෙ 11 ක‍්‍රියාත්මක වෙමින් පැවතුනි.

සේවකයින් ආරම්භ කළ මාරාන්තික උපවාසයේ දෙවන දිනය වූ 10 පස්වරුවේ හම්බන්තොට දිස්ත‍්‍රික් භික්ෂු සංසදයේ ස්වාමීන් වහන්සේලා තිස් නමකට ආසන්න පිරිසක් වරාය සේවකයින් මාරාන්තික උපවාසය ගෙන යන ස්ථානයට පැමිණ ඔවුන්ගේ සුව දුක් විමසා ඔවුන් ස`දහා පිරිත් දේශනා කර ආශිර්වාද කළහ. අතර අනතුරුව සේවකයින් ඇමතූ  හම්බන්තොට වැලිගත්ත රජමහා විහාරාධිපති හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලූ දෙනාම ඉදිරි දින දෙක තුනක කාලයක් තුළදී  මෙම සේවකයින්ගේ ඉල්ලීමට සාධාරණ විසදුමක ලබාදීමට රජය අපොහොසත් වුවහොත් මෙම දරුවන්ට සහයෝගය දැක්වීමට එකතුවන බවද පැවසූහ.

කෙසේ වෙතත් මාරාන්තික උපවාසයේ නියැලෙන සේවකයින් දෙදෙනෙකු  ඊයේ පස්වරුව වන විට අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර එම ස්ථානයට පැමිණි ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීම මත ඔවුන් ප‍්‍රතිකාර ස`දහා රෝහලගත කිරීමට කටයුතු කෙරිණි.

අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට