පසුගිය දෙවැනිදා කොළඹ නාගලන්විදියේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ඝාතනයට උපයෝගී කරගත් විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 24, 27 වයසවල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.