අනූහය හැවිරිදි මවක් කටුගස්‌තොට යටියාවල අන්තෝනිවත්තේ නිවසක අඳුරු කාමරයක සිර කොට සිටියදී මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පෙරේදා (09) සොයා ගෙන තිබේ.
ඉඩමක් ලියානොදීමේ වෛරය හේතුවෙන් සිය බාල සොයුරිය විසින් සිය මව මෙලෙස සිරකරගෙන සිටින බවට ඇගේ සොහොයුරෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය ක්‍රියාත්මක විය. කෑම බීම පවා නොදෙමින් මළ අපද්‍රව්‍ය පවා පිරිසිදු නොකොට පණුවන් බෝවුණු කාමරයක සිටි මහලු මව පොලීසියේ මැදිහත්වීම මත වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරිණ.