කසුනි ගුණවර්ධන හා ශමීල් වකීල් පසුගිය දා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් පිටියේදී නිමාවූ ජාතික කනිෂ්ට ස්කොෂ් ශූරතාවලියේදී අවුරුදු 19න් පහළ ශූරතා දිනාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වූ මෙම තරගාවලියට සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමේ රිට්ස්බරි අනුග්‍රාහකත්වය 10 වන වරටත් ලබාදීම කැපී පෙනේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250ක් වයස අවුරුදු 9, 11, 13, 15, 17 හා 19න් පහළ බාලක බාලිකා ඉසව් වෙනුවෙන් සහභාගි වූ මෙම තරගාවලියට ආධුනික ඉසව් රැසක් ද මෙවර සංවිධානය කරනු ලැබිම විශේෂත්වයකි. ජය සංකේත ප්‍රදානයේ ප්‍රධාන අමුත්තා ලෙස සිලෝන් බිස්කට්ස් ලිමිටඩ්හි අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා සහභාගි විය.