පැනමා ධජය යටතේ ඉරානයේ සිට දකුණු කොරියාව බලා ඉන්ධන ටොන් 136,000ක් රැගෙන යාත්‍රා කරමින් තිබු ඉන්ධන නැවක් සහ ඇමරිකාවේ සිට දකුණු චීනය දක්වා ධාන්‍ය ටොන් 64,000ක් රැගෙන යමින් තිබු නෞකාවක් චීනයේ ෂැන්හයි නුවරට නාවික සැතපුම් 160ක් දුරින් මුහුදේදී එකිනෙක ගැටීමෙන් අනතුරට පත් වී තිබේ. නෞකා දෙක එකිනෙක ගැටීමෙන් පසු ඉන්ධන රැගත් නෞකාව ගිනිගෙන ඇත. භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි 21 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය බේරා ගැනීමට හැකි වී ඇති අතර ඉන්ධන නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකු මේ වනවිට අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් 30 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් 2 දෙනෙකු ද වන අතර අතුරුදන් කාර්ය මණ්ඩලය සොයා චීන මුහුදේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා චීනය නෞකා 8ක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති අතර මෙහෙයුම්වලට සහය වීම සඳහා දකුණු කොරියාව ද වෙරළාරක්ෂක බලකායක් සහ හෙළිකොප්ටර් යානයක් යොමු කර තිබේ.