ඉන්දියාවේ මුම්බායි නගරයේ කමලා මිල්ස් අවන්හල පිහිටි ගොඩනැගිලි සංකීර්ණයේ අද අලූයම් කාලයේ ඇති වූ ගින්නකින් කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එහි පැමිණ ඇත්තේ එහි උපන්දින සාදයක් පැවැත්වීමටයි. ගින්නෙන් උපන් දිනය සැමරූ 28 හැවිරිදි කාන්තාව ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මුම්බායි නගරයේ සමාජශාලා සහ අවන්හල් ආශ්‍රිත අක්කර 37 ක භූමි භාගයක පිහිටි මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ගින්න මැඩපැවැත්වීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සදහන්. මෙම ගොඩනැගිල්ලේ සිට ප්‍රවෘත්ති විකාශයන් පවත්වාගෙන ගිය මාධ්‍ය නාලික කිහිපයක උපකරණවලට ද හානිසිදුවීම නිසා එම විකාශයන් අත්හිටුවීමට සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 

Firemen inspect the debris after a fire at a restaurant in Mumbai, India, December 29, 2017. REUTERS/ Danish Siddiqui

mumbai-building-fire_650x400_71514500585