ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නමින් ජෙරුසලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම්කරනු ලැබීය. ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත්තේ මධ්‍යම ජෙරුසලමේ සිට වෙස්ටර්න් වෝල් දක්වා ඉදිකෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස නම් කෙරෙන බවය.
යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ආගම් තුනෙහිම මූල බීජයන් පවතින්නේ ජෙරුසලම කේන්ද්‍ර කරගෙනය.