ඡුන්දය යනු ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියකි. ඒ අයිතිය සුරක්ෂිත වීමට නම් ජනතාවට නිදහසේ සිය මතය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නිදහස තිබිය යුතුය. ජනතා මතයට අයුතු බලපෑම් එල්ල නොකළ යුතුය. එහෙත් බොහෝ දේශපාලකයන් ඊට අනුගත වීමට සුදානම් නැත. විවිධ හේතු දක්වමින් බඩු මුට්ටු බෙදති. මුදල් බෙදති. රැුකියා ඉල්ලූම්පත් බෙදති. බඩු මිල අඩු කරති. අනේකවිධ මානසික අල්ලස් දෙති. එවැනි පසුබිමක සැබෑ ජනමතය ප‍්‍රකාශයට පත් නොවේ. සැබවින්ම සිදුවන්නේ මැතිවරණයක් නොව අත යට ගනුදෙනුවකි.

ජනතා කැමැත්ත ලබා ගැනීමට මෙලෙස අල්ලස් දීමට සිදුව ඇත්තේ රටට ජනතාවට දැනෙන යමක් සිදු නොකළ දේසපාළුවන්ටය. පිං පඩිකාරයෝය. මොවුන් ජනතා බදු මුදලින් දහසකුත් එකක් වරදාන වරප‍්‍රසාද භුක්ති විඳිමින් රටට බරක් වූවා පමණි. මේ අයගේ නම් ඉදිරියේ තම දේශපාලන බලය අවභාවිත කරමින් සිදු කළ නොපනත්කම් ලැයිස්තුවක් සනිටුහන් වී තිබේ. ඒ සියලූ දහදුරා වැඩ ගැන හොඳටම දන්නේ ප‍්‍රදේශයේ ජනතාවය.

ඉතින් මේ දේසපාළුවන්ට ජනතාවට ඉදිරියට ගොස් කටක් ඇර තමන්ට ඡුන්දයක් දෙන්න යැයි කීමට නොහැකිය. එහෙයින් ඔවුහු අල්ලස් ඇම ජනතාව වෙත විසි කරති. ඒ ජනතාව නැවත කොටු කර ගැනීමටය. ජනතාව ස්වයං මෝහනයට පත් කොට ඡුන්දය පොකට් ගැසීමටය. දේසපාළුවන් මෙලෙස බෙදන්නේ මෙතෙක් කල් අයථා ක‍්‍රම මගින් උපයා ගත් කළු සල්ලිය. නැතහොත් අනාගතයේ උපයා ගැනීමට අපේක්ෂිත කළු සල්ලිය.

එහෙයින් කිසිවකු මැතිවරණ සමයේ අල්ලස් ලබා දෙන්නේ ජනතාවට ඇති ආදරයට නොව තම ජඩකම් බලූකම් වසා ගැනීමට බව ජනතාව වටහා ගත යුතුය. මෙලෙස බෙදන්නේ ජනතාවගෙන් හොරා කෑ මුදලින් ඇබින්දක් බව අමතක කළ යුතු නැත. මේ අල්ලස්කාරයන් කිසිවකුට ඡුන්දය ලබා නොදිය යුත්තේ ඒ නිසාය. එවැනි අල්ලස්කාරයන් ඔබ තම නියෝජිතයා ලෙස තෝරාගත හොත් ඔහු නැවත සිදුකරන්නේ පැරණි ජඩ වැඩ ටිකමය.

අනෙක් අතට මැතිවරණ කොමිසම ද මෙවැනි අල්ලස්කාරයන්ගේ බෙල්ල මුලින්ම අල්ලා ජනතාව ඉදිරියේ නිරුවත් කිරීමට කටයුතු කළ යුතුය. ඇතැම් ප‍්‍රදේශවල අල්ලස් පොල් පැළ, අල්ලස් පාසල් පොත්, අල්ලස් පාසල් නිල ඇඳුම් ආදිය බෙදා දීමට ගත් උත්සාහයන් කොමිසම මැදිහත් වී වළක්වා තිබිණි. ඒ පිළිබඳ කොමිසමට ප‍්‍රණාමය පුද කළ යුතු අතර තවත් එවැනි අල්ලස් දීම් ජවනිකා රට පුරා රඟ දැක්වෙන බව සිහිපත් කළ යුතුය. එය හෙට අනිත්දා වන විට තවත් ඉහළ යනු ඇත.

මේ මැතිවරණ සමයේ බෙදා හරින සියලූ භාණ්ඩවල සහ සවි කරන දැන්වීම් පුවරුවල ස්ටිකර් අලවන බවට මැතිවරණ කොමිසම කළ ප‍්‍රකාශය ද වචනයට සීමා නොවන්නේ නම් කදිමය. සැබවින්ම මැතිවරණ සමයේ ජනතාව වෙත අල්ලස් ලෙස බෙදන්නේ ජනතා මුදල්මය. මග දෙපස ප‍්‍රදර්ශනය වන්නේ නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක පුවරුය. ඒවාට ද අවසාන වශයෙන් වියදම් දරා ඇත්තේ ජනතාවමය. මේ නොකටයුතුවලට එරෙහිව මැතිවරණ කොමිසම උපරිම ක‍්‍රියාමාර්ග ගනු දැකීම සාධාරණ මැතිවරණයක් දකිනු කැමති ජනතා පැතුමයි. එහෙයින් එය අපේද පැතුමයි.

මේ අතර මැතිවරණ නාම යෝජනා භාර දුන් අවස්ථාවේ සිට සිදු වන පෙළපාළි යාම් වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසා තිබේ. එය ද වචනයට සීමා නොකොට ක‍්‍රියාත්මක කරන්නේ නම් ඉතාම අගනා කටයුත්තකි. එක් එක් දේශපාලන පක්ෂ සිය ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමට කරන මේ විගඩම බොහෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට මුලය. එහෙයින් ඒ කටයුතුවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කළ යුතුය. ජනතාව ද එවැනි කටයුතුවලට සම්බන්ධ නොවී සිටිය යුතුය.

මෙවර ඡුන්ද මධ්‍යස්ථානවලම ඡුන්ද ගණනය කිරීමේ කටයුතු ද සිදුකිරීමට කටයුතු යොදා තිබේ. එහෙයින් පෙර අවස්ථාවලට වඩා සැලසුම් සහගත ලෙස ආරක්ෂක කටයුතු සැලසුම් කළ යුතුය. කිසිවකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නිසා ඡුන්ද මධ්‍යස්ථානයක ඡුන්ද අවලංගු විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය ජනතාවගේ අයිතිය අහිමි වීමකි. කඩාකප්පල්කාරයන්ගේ ජයග‍්‍රහණයකි. එවැනි කටයුතුවලට කිසිසේත් ඉඩදිය යුතු නැත. එහි වගකීම ඇත්තේ මැතිවරණ කොමිසම සහ පොලිසිය අතේය.