රනිල් වික්‍රමසිංහගේ එජාපයත් මහින්ද නායකයා නොවන ජී.එල්. පීරිස් නායකයා වන කණ්ඩායමත් මෛත්‍රී පිලත් එකම කඳවුරේ අය හරියට තල් රා, ‍පොල් රා, කිතුල් රා වගේ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ එමපක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජාතික මහ සමුළුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “මේ ගස් තුනම  තාල වර්ගයේ මුදුන් මුලක් නැහැ. නමුත් ගස්වල කොළ එකිනෙකට වෙනස්. කණ්ඩායම් තුනම සිටින්නේ එකම කඳවුරකයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණය කල් දමා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිය බව අපි දන්නවා. ඉන් දිනතුනකට පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ අවස්ථාවක “ඔහේගේ චක් ගෝලයන්ට කියා නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙසට අපි ඔහුට බල කළා. සතියක් ගත වන විට ඉල්ලා අස් කර ගත්තා” ඒ නිසා දූෂිතයන්ගේ පාදඩයන්ගේ සල්ලාලයන්ගේ තිප්‍පොළවල් බවට පත්ව තිබෙන ප්‍රාදේශීය සභා ජනතාවගේ සැබෑ නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම ජවිපෙට පැවරී තිබෙනවා.

තිලක් පුෂ්පකුමාර