අපේ රටේ මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා සහ පළාත් පාලන ආයතන එනම් ප‍්‍රාදේශීය, නගර සහ මහ නගර සභා යන පරිපාලන ඒකක තුනක් ක‍්‍රියාත්මක වෙයි. මේ අනුව මධ්‍යම ආණ්ඩුවේ විධායක ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය ඇතුළත් මන්ත‍්‍රීවරුන් 225කි. පළාත් සභා 9ක මහ ඇමැතිවරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් 455කි.
350කට ආසන්න පළාත් පාලන ආයතනවල සභාපති පුරපති ඇතුළු මන්ත‍්‍රීවරු 4000කි. මේ සියලූ දෙනාටම පාලනය කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 65610ක කුඩා බිම් කඩකි. ජනගහනය මිලියන 22කි.

එහෙත් ජනගහනය මිලියන 1283ක් වන ඉන්දියාවේ ඇත්තේ පාර්ලිමේන්තු (ලෝක් සභා* මන්ත‍්‍රී ධුර 545කි. ජනගහනය මිලියන 23ක් වන ඔස්ටේ‍්‍රලියාවේ ඇත්තේ මන්තී‍්‍ර ධුර 150කි. ඉන්දියාවේ එම මන්ත‍්‍රී පිරිස 1950 සිට ඉහළ දමා නැත. එහෙත් අපේ රටේ 1947 මන්ත‍්‍රී ධුර 101ක් ද අනතුරුව 1972 එම ගණන168 දක්වා ද 1988 නැවත 225 දක්වා ද ඉහළ දමා ඇත. ඉන්දියාව සහ ලංකාවේ එදා සහ අද වෙනස සසඳා බැලූවහොත් ඉන්දියාව සංවර්ධනය වන අතර අපේ රටේ මැති ඇමැති පිරිස සංවර්ධනය වන අතර රට පල්ලම් බැස ඇති බව පෙනේ.

තත්ත්වය එසේ වුවද නව සීමා නිර්ණ යටතේ පළාත් පාලන ආයතනවල සභික ධුර ගණන 4000 සිට 8000 දක්වා ඉහළ ගොස් තිබේ. මේ 4000ක් වන අලූත් පිරිස වෙනුවෙන් පළාත් පාලන ආයතනවල ශාලා පහසුකම්වල සිට සියලූ පහසුකම් ගොඩනැඟිය යුතු බව පැවසෙයි. ඒ සඳහා වැය වන්නේ ද ඔවුන්ගේ වැටුප්, දීමනා ඇතුළු සියලූ පහසුකම් ලබා දීමට සිදු වන්නේ මහජන බදු මුදලිනි.

මේ ආකාරයට පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 50‍්‍රන් ඉහළ දැමීම ඔස්සේ අත්කර ගැනීමට බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්කය කුමක් ද විසඳීමට බලාපොරොත්තු වන ජනතා ප‍්‍රශ්නය කුමක් ද යන්න පිළිබඳ අපට අවබෝධයක් නැත. පිරිසකට රස්සා 4000ක් ලැබීම හොඳ දෙයකි. එහෙත් මේ කිසිවකු රටට කිසිවක් උපයා දෙන පිරිසක් නොවේ. මහජනතාව උපයන මුදලින් යැපෙන පිරිසකි. මේ අලූත් රස්සාකාරයන් ටික නඩත්තු කිරීමට එළඹෙන වසරේ සිට තව වැඩිපුර බදු ගෙවීමට සිදුවීම හැරෙන්නට ජනතාවට සිදුවන කිසිදු සෙතක් නැත.

මේ වන විට මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යන පරිපාලන ව්‍යුහ තුනක් යටතේ මෙරට පාලනය අවුල් ජාලාවක් වී තිබේ. රටේ පාරවල් ටික පවා මේ ආයතන අතර බෙදී ගොසිනි. එම ආයතන අතර පවතින සන්නිවේදන ගැටලූ සහ අර්බුද නිසා බොහෝ කටයුතු උපරිම ප‍්‍රතිඵලදායක ලෙස ක‍්‍රියාත්මක නොවෙයි. එහෙයින් අපේ රටට මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා සහ පළාත් පාලන ආයතන යනුවෙන් තවත් පරිපාලන ව්‍යුහ දෙකක් උවමනා ද යන්න අප විමසා බැලිය යුතුය. එම ව්‍යුහ දෙක වෙනුවට නව ව්‍යුහයක් ස්ථාපිත කළ හැකි නම් මීට වඩා අඩු වියදමකින් පරිපාලන කටයුතු ගම දක්වා ගෙන යා හැකිය. ඒ සඳහා වඩා හොඳ ක‍්‍රමය මෙරට වසර දහස් ගණනක් ක‍්‍රියාත්මක වූ ගම්සභා ක‍්‍රමයයි.

කෙසේ වුව ද පළාත් පාලන ආයතනවල සභික ධුර ගණන 8000 දක්වා ඉහළ යාම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වීම යහපත් තත්ත්වයකි. මෙවැනි විශාල පිරිසක් නඩත්තු කිරීම ගැටලූ සහගත බව ද එම සභික ධුර ගණන 4000ම පැවතීම වඩා උචිත බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. සැබවින්ම මෙය එක අතකින් රටේ ජනතාවගේ බදු මුදලින් එක්තරා තෝරා ගත් පිරිසක් නිකරුණේ නඩත්තු කිරීමකි. එසේම රටේ බොහෝ ප‍්‍රදේශවල සමගියෙන් ජීවත් වන ජන කොටස් වාර්ගික ලෙස බෙදා වෙන් කිරීමක් ද මේ ඔස්සේ සිදුවන බවට චෝදනා නැගෙයි. එය පෙර සඳහන් කළ වියදමටත් වඩා නරක තත්ත්වයකි.

එහෙයින් ජනාධිපතිවරයා මැදිහත් වී මේ ගැටලූ විසඳීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දිය යුතුය. ඒ සඳහා නැවත ඡුන්දය කල් දැමීමට කටයුතු කිරීම නොවිය යුතු අතර හැකි නම් සැලසුම් කළ පරිදි මැතිවරණ පවත්වා සභික ධුර ගණන පහත දැමිය යුතුය. එසේ කළ නොහැකි නම් මේ මැතිවරණය පවත්වා වහාම මේ සීමා නිර්ණය පූර්ණ සුපිරික්ෂාවකට ලක් කළ යුතුය. එය වත්මන් ආණ්ඩුව යටතේ හෝ අනාගත නව ආණ්ඩුවක් යටතේ ඉටුවිය යුතුය. විශේෂයෙන් වාර්ගික පදනමක් යටතේ සිදුකරන බෙදීම් කිසි විටක විනාශය පිණිස මිස යහපත පිණිස නොවනු ඇත.