ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වන බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන අතර උතුර, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ තද සුළං තත්ත්වයක් පවතින බවට ද අනාවැකි පළකෙරේ.