එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් ‘සහන මිල වෙළඳසල්’ (ජ්චඪප පඪජඥ ඉඩධනඵ) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (ඕභඤඨඥබ චජඬ) වෙළෙඳ‍පොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී  තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගිය 12 වැනි දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී එම තීරණවලට එළැඹිණි.

පෞද්ගලික සුපිරි වෙළෙඳසල් ජාලය හා ලංකා සතොස අලෙවිසල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකි වන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපේක්ෂිතය.

අකිලා නදීශානි බණ්ඩාර