මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නිලධාරියකු වූ පී.එච්.ඩී. වෛද්‍යතිලක මහතා නොබෝදා මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරියකු ලෙස කටයුතු කිරීමෙන් සමුගනු ලැබුවද ඔහුට නැවතත් මේ දිනවල පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරියකු ලෙස කටයුතු කිරීමට ඇරයුම් ලැබි තිබිම කැපී පෙනේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලියේ කටයුතු කිරීමෙන් පසුව වෛද්‍යතිලක මහතා තාක්ෂණික නිලධාරී කටයුතුවලින් සමුගැනීමට තීරණය කර ඇත්තේ අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුවේ ආරාධනය පිළිගනිමින් තමාගේ කාර්යය වඩාත් සාර්ථකව නිමා කිරීමටය.

වෛද්‍යතිලක මහතා මෙම සංචාරයට එක්වීමට පෙර පැවසූවේ අන්තර්ජාතික මලල ක්‍රීඩා නිලධාරියකු ලෙස මතෛක් කල් වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් තුළ ශ්‍රී ලංකාවට වඩාත් වැඩි ගෞරවයක් ගෙන ඒමට තමාට හැකිවීම සතුටට කරුණක් බවයි. මෙම භූමිකාවෙන් සමුගත්ත ද තවදුරටත් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයට තමාගේ දැනුම ලබාදීමට  සූදානම් බව පැවසූ වෛද්‍යතිලක මහතා ආසියානු කලාපීය වඩාත් අත්දැකීම් ඇති තාක්ෂණික නිලධාරියකු ලෙස ලෝක ශූරතා තරගාවලියන්, ‍පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියන් මෙන්ම ඔලිම්පික් තරගාවලියන්වල දී ශ්‍රී ලංකාව නියෝජනයෙන් තාක්ෂණික නිලධාරියකු ලෙස වැඩි සේවයක් ලබාදීමට හැකිවීම තම මලල ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිදුවීම බව සඳහන් කරයි. කෙසේ වෙතත් මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේ තාක්ෂණික නිලධාරියකු ලෙස සමුගන්නා අතරේ තමන් සමග මතෛක් කල් එකට කටයුතු කරනු ලැබූ අන්තර්ජාතික තාක්ෂණික නිලධාරීන්ට තමාගේ සමුගැනීම නිවේදනය කිරීමට ද මෙම ක්‍රීඩා උළෙල අවස්ථාවක් කර ගන්නා බව ඔහු පවසයි.