විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලා සිටී.
උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳව වඩා සැලකිලිමත් වියයුතු බැවින් සිය මානුෂිය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලූදෙනාගෙන් ඉල්ලයි.
වර්ජනයට එක්වූවන්ගේ විසදී නැති ගැටලූ ඇත්නම් ඒවා විසදා ගැනීමට ඉදිරියේදී සාකච්ජා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති වැඩිදුරටත් සඳහන් කරයි.

SHARE

2 COMMENTS

  1. එක පැත්තකින් අත්‍යාවශ්‍ය සේවා නිවේදනය නිකුත් කරල රජයේ නිලධාරීන්ට කියනවා සේවය අත්හිටුවීමට පියවර ගන්න කියල. ඊට පස්සෙ ජනමාධය ඔස්සේ ඉල්ලීම් කරනවා කාරුණිකව සේවයට වාර්තා කරන්න කියල. ගැලරිය පිනවන කතා පැත්තක තියල දුම්රිය සේවක සමිතිවලට සෘජු අවස්ථාවක් දීල සාකච්ඡා කළා නම් මහජනතාව මේ අපහසුතාවෙන් බේරා ගන්න තිබුණා නේද?

LEAVE A REPLY

Previous articleනිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රය අසල පිපුරුමක්
Next articleකෝලිකුට්ටුට සුබ මංගලම්