චීන ගුවන් සීමාව අනවසරයෙන් ආක‍්‍රමණය කරමින් පියාසර කළ ඉන්දියාවට අයත් ඩ්‍රෝන යානයක් චීනය තුළදී කඩා වැටී ඇති බව ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඉන්දියාව චීනයේ භෞමික ස්වාධිපත්‍ය උල්ලංඝණය කරන බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වෙයි.

හිමාල භූමියේ සීමා අරගලයක් හේතුවෙන් ඉන්දියාව හා චීනය අතර සබඳතා පසුගිය ජුනි මාසයේදී බිඳ  වැටුණි.

චීනය විසින් එල්ල කරන මෙම නවතම චෝදනාවට ඉන්දියාව තවම ප‍්‍රතිචාර දක්වා නොමැත