ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ වර්තමානයේ මතුව ඇති ගැටලූකාරී තත්ත්වය ඉදිරියටත් එලෙසින්ම ක‍්‍රියාත්මක වුවහොත් ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට පියවර ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන්  කළේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06* පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගියදා එක්දින ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට උත්සාහ දැරීමේදී ගුවන්තොටුපළේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙය ක‍්‍රිකට් ආයතන සභාපතිවරයා හෝ තමා නොදැනුවත්ව සිදුවූ කරුණක් බවත් දින 21ක කාලයකට පෙර ලංකාවෙන් පිටතට යන  ඕනෑම ක‍්‍රීඩකයකු අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුව තිබුණ ද එය නිසි පරිදි සිදුනොවීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් නියමිත රෙගුලාසි පිළිනොපැද සිදුකරන මෙවැනි ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ලබාදෙන අවසාන සමාව මෙය බව සියල්ලන්ටම දැඩි ලෙස අවධාරණය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබ`ඳව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පරීක්ෂණයෙන් අනතුරුව මීට වගකිවයුත්තා සිදුවූ අලාභය පුද්ගලිකව භාරගත යුතු බවත් ඔහුට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ක‍්‍රිකට් නිලවරණ ක‍්‍රියාවලියේදී ක‍්‍රීඩා සමාජ විශාල බලපෑමක් සිදුකරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිවැරදිව ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා නොදෙමින් ක‍්‍රියාකරන බව පැවසූ අමාත්‍යවරයා මේ හේතුවෙන් ක‍්‍රීඩා සමාජ තුළ පවතින අධික බලය අඩුකිරීම සඳහා ක‍්‍රිකට් නිලවරණයේදී ඡුන්ද ලබාදීමට ඇති ප‍්‍රමාණය ඡුන්ද 75 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවත් එය නිවැරදිව සිදුකිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් සියලූ ක‍්‍රිකට් සංගම් ද විසුරුවා හැරීමට පියවර ගන්නා බව නැවත වරක් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කුමන ගැටලූකාරී තත්ත්වයක් මතුවුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට සූදානමක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා වර්තමානයේ පවතින ගැටලූ සඳහා විසඳුම් ලබාගැනීමට ඉවසීමෙන් යුතුව හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.

කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන නොම්බර 1 හා 2ක ස්ථානයන්හි විශිෂ්ට ලෙස ක‍්‍රීඩාකරමින් සිටි බවත් ඔවුන් ඉන් ඉවත්වූ විට එම ස්ථානයන් සඳහා මේ වනතෙක් නිශ්චිත ක‍්‍රීඩකයකු ආදේශ කිරීමට නොහැකි වීම මත ක‍්‍රිකට් අර්බුදය දරුණු අතට හැරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම රටේ අන්තර් සමාජ මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බව හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙපළක් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන පැවසූ බව ස`දහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව පැවසීය.

දිල්රුක්ෂි ග්‍රේරු