පත්තරවල ඇති කතා දුටු විට දැන් මේ ආණ්ඩුව කඩාවැටෙන්න ළඟ යැයි ඇතැමෙකුට සිතුණත් එය ඇතැමුන් දකින සිහිනයක් බවත් විශාල වෙහෙසක් දරා මෙම ආණ්ඩුව පිහිටුවා ගත්තේ රටේ වෙනසක් ඇති කිරීමට බවත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ කටාන ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලට එක්වෙමිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 45ක ජීවත්වන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණෙන් ඉදිකරන මෙම ව්‍යාපෘතියට ප්‍රධාන ජල කුලුනු තුනක්, ‍පොම්පාගාර තුනක්, භූගත ජල ටැංකියක්, පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්, ගබඩා ගොඩනැගිල්ලක් සහ නිලධාරීන් හා සේවකයන් සඳහා නිල නිවාසද අයත් වේ.

මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීමට පහසුවන ආකාරයට කටාන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසය උතුර, මධ්‍යම සහ දකුණ යනුවෙන් කලාප තුනකට වෙන්කර ඇත. මේ සඳහා රුපියල් කෝටි 953කට අධික මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන්කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා.
කටාන ප්‍රදේශයට මෙම ජල ව්‍යාපෘතිය ලබාදීමට හැකිවීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ජනාධිපතිතුමා විසින් අපගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මැතිනිය පත්කිරීමත් සමගම මේ වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට විශාල උදේ‍යා්ගයක් ඇතිවුණා.

අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සංවර්ධන බැංකුවේ වාණිජ ණයක් ලබාගැනීමට උත්සාහ කළා. එහිදී භාණ්ඩාගාරයෙන් නොයෙකුත් ප්‍රශ්න මතුවුණා. නමුත් මේක කළයුතු ව්‍යාපෘතියක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරල තිබුණත් අපේ ජල සම්පාදන මණ්ඩලයේ ණයබරතාවය පිළිබඳව තියෙන සැලකිල්ල ඒ පිළිබඳව තිබුණු සාකච්ඡා දීර්ඝ ලෙස කරන්න සිදුවුණා.

ජනාධිපතිතුමන් එක්ක චීන සංචාර දෙකකටත් මම සහභාගිවෙලා මේ පිළිබඳව සාකච්ඡුා කළා. අපට යම්තාක් ප‍්‍රමාණයක් ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමත් සමගම මෙහි පොලී අනුපාතය අඩුකර ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉන්පසුව තමයි මේක අපට සාර්ථකව කරගන්න හැකිවුණේ.

ජනාධිපතිතුමන්ට මං මතක්කර සිටියා අපට, මගේ රාජ්‍ය අමාත්‍යතුමිය ඉන්න මේ අවධියේ එතුමියගේ ප‍්‍රදේශයට මේක අප ලබා දිය යුතුයි කියා, ඒ ඉල්ලීම එතුමත් පිළි අරගෙන පුද්ගලිකව මැදිහත්වෙලා අපට මේක කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ පිළිබඳව මම සතුටු වෙනවා.

පාර්ලිමේන්තුව තුළ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ වැනි පෞරුෂත්වයක් ඇති නායකයෙක් ඇතිකරපු වෙනස ප‍්‍රශංසනීයයි. (අවු 17ක් ආණ්ඩු බලය අත්පත් කර ගන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ වෑයමේ කරද්දී, ඒක සාර්ථක කරන්න මෙවැනි නායකයෝ තමයි කටයුතු කළේ. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේගේ භූමිකාව පාර්ලිමේන්තුව තුළ විශාල කාර්යභාරයක් ඉටුකළා.*

ඉතින් ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මැතිතුමත් අපි අතරින් ඒ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අහිමිවුණත්, ඒ හිඩැස පුරවන්න ආපු එතුමාගේ දයාබර බිරිඳ සුදර්ශිනි ප‍්‍රනාන්දුපුල්ලේ මැතිනිය එතුමන් වගේම වෙනත් ආකාරයකින් ජනතා සේවයේ යෙදී සිටිනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන් අතළොස්සක් අතරේ, ඒ කාන්තාවන්ගේ නායිකාව හැටියට කරන භූමිකාව අපටත් හරි ආඩම්බරයක්. එතුමිය ගෙනාපු ඒ අලූත් වෙනස විශේෂයෙන්ම කාන්තාවන්ට දේශපාලනයේ වැඩි ඉඩක් ලබා දිය යුතු බව, කාන්තාවන් සඳහා වැඩි ප‍්‍රතිශතයක් දේශපාලන නියෝජනය ලබා ගැනීම සඳහා කටයුතු කළා. පළාත් පාලන ආයතනවල, පළාත් සභාවල ඒ අවශ්‍ය ප‍්‍රතිශතය ලබා ගැනීම සඳහා කරපු සටන දැන් සාර්ථක වී තිබෙනවා.

මේ මාසය තුළ අපට කැටික්ස් ආයතනය මේ ව්‍යාපෘතිය භාරව කොන්ත‍්‍රාත්තුව කරන ආයතනය ඉතාම ඉක්මනින් වැඩ පටන් අරගෙන, එන මහ මැතිවරණයට කලින් අවසන් කරයි. එන මහ මැතිවරණය 2020 වෙයිදෝ කියලත් දැන් සමහරු හිතනවා ඇති. මොකද, ඊට කලින් යමක් වෙයිද කියලා, සමහර පත්තරවල තියන නොයෙකුත් කතා බැලූවහම සමහරු හිතනවා දැන් මේ ආණ්ඩුව කඩා වැටෙන්න ළ`ගයි කියලා. මම නම් කියන්නේ   ඕක වෙන්නේ නෑ. මේ පක්ෂ දෙකම ඇති කරගත් ගිවිසුම මේ මාසයත් එක්ක නිමා වීම, නැත්නම් කෙළවරට ඇවිල්ලා කියල හිතාගෙන සමහරු දැන් සිහින මවාගෙන ඉන්නවා ඇති.

ඒ වගේම සාකච්ඡුා නොයෙකුත් අන්දමින් යනවයි කියලත් ආරංචියි. ඉතින් ඒ සාකච්ඡුාව සාර්ථක වේවායි කියලත් අපි ප‍්‍රාර්ථනා කරනවා. නමුත් අපි ඔක්කොම ජනාධිපතිතුමන් පත් කිරීම සඳහා විශාල වෙහෙසක් දැරුවා. හිටපු ආණ්ඩුවෙන් ඉවත්වෙලා අපි මේ ප‍්‍රයත්නය ගත්තේ මේ රටේ වෙනසක් ඇති කරන්න. ඇතිවෙච්ච වෙනස පිළිබඳව නොයෙකුත් විවේචන තියනවා.

අපි ඇමතිවරු හැටියට  වැරදි වැඩක් කළා නම්, ඒවා විමර්ශනය කළ යුතුයි. යම් ¥ෂණයක් වුණා නම් ඒ පිළිබඳ දඬුවම් දීමේ හැකියාව ඒ ඒ ආයතනවලට තිබිය යුතුයි. ඒකට පූර්ව ආදර්ශයක් ලබා දීම සඳහා අපේ රජය තුළ කිහිප දෙනෙක් ඒ පිළිබඳව බිය නැතිව ඉදිරිපත් වීමත්, ඒ සඳහා වූ සම්පූර්ණ සහාය ලබාදීමටත් කැපවී සිටිනවා.

දැන් යම් යම් දේවල් ප‍්‍රසිද්ධියේ, මාධ්‍යයෙන් සමහරු එකවරම චූදිතයෝ කරන, චූදිතයෝ හැටියට හුවා දක්වන කාලවකවානුවක අපි ජීවත් වෙන්නේ. එය වැරදි දෙයක්. ඒකට උසාවියක් තියනවා. නඩුවක් පවරලා ඒකෙන් අපරාධකරුවන් හැටියට, තීන්දු වුණා නම්, ඒක වෙන දෙයක්. නමුත් මේ කාලේ මාධ්‍ය හරහාත් ඒක සිද්ධ වෙනවා කියන එකත් යම් දුරකට කනගාටුදායක සිදුවීමක්. ඒ නිදහස මාධ්‍යයට ලබා දී තිබෙනවා. කලින් මාධ්‍ය මෙවැනි ආකාරයට හැසිරුණා නම්  කොහොම වෙයිද? සුදු වෑන් එකක් එයි, ඊට පස්සේ කර්තෘවරු අතුරුදන් වේවි. ඒ මාධ්‍යවේදියා හොයා ගන්නත් බැරිවෙයි. නමුත් මේ කාලේ මෙහෙම වෙන්නේ නෑ. ඒ වෙනස්කම හරි අපි සිදු කර තියන එක පිළිබඳව අපි ආඩම්බර වෙනවා.

ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ වකුගඩු රෝගය පැතිරී යන ප‍්‍රදේශයන් හඳුනාගෙන විශේෂයෙන්ම උතුරුමැද පළාතේ අනුරාධපුර, පොළොන්නරුව ප‍්‍රදේශ දෙකේදීම 2020 වනවිට මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 90ක් ආවරණය කරන පරිදි පානීය ජලය නළ මාර්ගයෙන් ලබා දිය හැකි තත්ත්වයක් උදා කරගත හැකි වේ යැයි බලාපොරොත්තු වෙනවා. ඒ තරම් දුරට ඒ පිළිබඳ සැලසුම් ගතව ජනාධිපතිතුමන් විශේෂ කාර්ය බළකායක් ඇතිකර ගෙන නොයෙකුත් ක්ෂේත‍්‍ර  පිරිවරාගෙන එම වැඩපිළිවෙළ කරගෙන යනවා.

ඉතින් මෙවැනි අවස්ථාවක අපට කටාන ප‍්‍රදේශයට අවශ්‍ය වූ විශාල ජල යෝජනා ක‍්‍රමයක් ඇති කිරීමට පුළුවන්කමක් ලැබීම ගැනත්, මෙය කලාප 3කට බෙදලා, ඒ කලාප තුනටම ග‍්‍රාමසේවා වසම් 45ක් විතර ආවරණය වෙන්න අපි නළ මාර්ගයෙන් ජලය දීමේ මේ ව්‍යාපෘතිය 2020 වෙනකොට සාර්ථකව ඉදිකරල විවෘත කරන්න පුළුවන් වේවි, කියල අපි බලාපොරොත්තු වෙනවා