නාවලපිටිය නගරයේ බස් නැවතුම්‍පොළ අසලදී බිමත් පුද්ගලයින් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් එක් අයකු අනෙකාගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර පළාගොස් ඇතැයි නාවලපිටිය ‍පොලිසිය සඳහන් කරයි.

ඊයේ (06) පෙරවරු 11.50 ට පමණ මෙම සිද්ධිය වී ඇත.
මෙමආරවුලෙන් පසු ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, රඹුක්පිටිය, බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 53 හැවිරිදි සෙල්ලයියා ප්‍රකාශන් නමැති අයෙකි.

මෙම පුද්ගලයාද සැකකරුට බෝතලයක් කඩා පහරදීම නිසා, සැකකරුද තුවාල ලබා ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ‍පොලිසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය ‍පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.
මේ පිළිබඳව නාවලපිටිය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සාලිය කුමාර ගුණසේකර