මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඩීසල් ලීටර් 33000ක් ප්‍රවාහනය කළ බවුසරයක් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, දියගල ප්‍රදේශයේදී අනතුරට පත්වී ඇති බව නෝටන්බ්‍රිජ් ‍පොලිසිය කියයි.

ඊයේ (06දා) අලුයම 1.00ට පමණ ධාවනය වෙමින් තිබූ එම බවුසරයේ පිටුපස රෝදයක් ගැලවී යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව ‍පොලිසිය පවසයි. එම රෝදය ගැලවී යෑමෙන් මාර්ගයේ ආරක්ෂිත බැම්මද කැඩී ගොස් ඇති අතර ඉන්ධන බවුසරයේ රියැදුරාගේ දක්ෂතාව මත සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බව ‍පොලිසිය කීය.

රංජිත් රාජපක්ෂ-හැටන්
Untitled-10