දකුණු කොරියාවේ සියොල් නගරයට බටහිරින් පිහිටි ඉන්චියොන් වරාය නගරයේ වෙරළාසන්න මුහුදු තීරයේදී මගී යාත්‍රාවක්, තෙල් නැවක් හා ගැටීමෙන් 13දෙනකු මියගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ මගීන් විසි දෙනෙක් හා කාර්යමණ්ඩලයේ දෙදෙනකු සිටි අතර කපිතාන්වරයා ඇතුලු දෙදෙනෙකු තවමත් අතුරුදන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.අතුරුදන්වූවන් පිළිබඳව සෙවීමට සාගර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.