සෑම මිනිසකුටම පෞද්ගලිකත්වයක් තිබේ. සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව දේශපාලකයන්, නළු නිළියන්, ක‍්‍රීඩකයන් ආදී සමාජයේ ජනප‍්‍රිය නැතහොත් ප‍්‍රසිද්ධ ප‍්‍රතිරූපයක් සහිත පුද්ගලයන්ට ද ප‍්‍රසිද්ධ ජීවිතයට අමතරව පෞද්ගලික ජීවිතයක් තිබේ. එසේම ඒ සියලූ දෙනාට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති අතර  ආණ්ඩුව ඒ සඳහා සහාය විය යුතුය. රටේ ජනතාව ද අනෙකාගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකර දීමට කටයුතු කළ යුතු අතර එවිට තමන්ගේ පෞද්ගලිකත්වය ඉබේම සුරක්ෂිත වන බව අවබෝධ කරගත යුතුය.

එහෙත් එවැනි තත්ත්වයක් අද රටේ දක්නට ලැබෙන්නේ නැත. බොහෝ දෙනා අනෙකාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර දීමට කටයුතු නොකරන අතර අනෙකාගේ පෞද්ගලිකත්වය විනාශ කිරීමට කටයුතු කරන අවස්ථා බොහෝය. ඒ සඳහා ඇතැම් විට ප‍්‍රසිද්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ද භාවිත කරනු දැකිය හැකිය.

ඇතැම් විට එකිනෙකා අතර පවතින දේශපාලන හෝ අදහස්වල පරස්පරතාව පුපුරා යන්නේද පුද්ගල චරිත ඝාතනයක් ලෙසය. තවත් විටක පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට එවැනි කටයුතු කරයි. ආදර සබඳතා බිඳී ගිය විට එකිනෙකාගේ විශේෂයෙන් පෙම්වතියගේ අතිශය පෞද්ගලික ඡුායාරූප, කතා බහ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම බව මේ වන විට වසංගතයක් බවට පත්ව තිබේ.

ඇතැම් අපරාධකාරයෝ ව්‍යාජ ආදර සබඳතා ගොඩනඟා ගෙන අනෙකා රවටා අතිශය පෞද්ගලික ඡුායාරූප ඇතුළු තොරතුරු සමාජ ජාලවලට මුදා හරින ප‍්‍රකාශ කරමින් නැතහොත් ඒවා සිය සමීපතමයන් අතට පත් කරන බව ප‍්‍රකාශ කරමින් කප්පම් අල්ලස් ඉල්ලා සිටිති. මෙවැනි කටයුතු නිසා ඇතැම්හු සිය දෙමාපියන්ට, සමාජයට මුහුණ දීමට නොහැකිව දිවි නසා ගනිති. තවත් විටක මෙවැනි කටයුතු නිසා ඉතාම සුළු සිද්ධි දුරදිග ගොස් පවුල් සබඳතා කැඞී ¥ දරුවන් අනාථ වී මහා සමාජ ඛේදවාචක ඇති වෙයි.

රටේ සියලූ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අදාළ නීති ප‍්‍රතිපාදන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා කලක සිට මතුව ඇත්තේ මෙවැනි කරුණු කාරණා නිසාය. මේ අපරාධවලට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කළ ද අපරාධකරුවන්ට ප‍්‍රමාණවත් දඬුවමක් ලැබෙන අවස්ථා අඩුය. එහෙයින් සියලූ රට වැසියන්ගේ පෞද්ගලිකත්වය නිසි ලෙස ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අතිශය කාලෝචිතය.

ඒ අනුව පෞද්ගලික දුරකථනවලට සවන් දීම, පෞද්ගලික අනන්‍යතාවට බලපෑම් කිරීම සහ පුද්ගල පෞරුෂයට හානි කිරීම ආදි අකටයුතුවලින් ආරක්ෂා වීමට මේ විධිවිධාන යටතේ සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබෙන බව සඳහන් වෙයි. විශේෂයෙන් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන මෙවැනි පනතක් අපේ රටේ හඳුන්වා දෙන්නේ ප‍්‍රථම වතාවට බව පැවසෙයි.

සැබවින්ම රට වැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි පනතක් හඳුන්වා දීම සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර එය රට වැසියාගේ ජයග‍්‍රහණයකි. එහෙයින් මේ පනත ගෙන ඒමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අගමැතිවරයාට රටේ ජනතාව වෙනුවෙන් අපි ස්තූතිවන්ත  වෙමු. තම පෞද්ගලිකත්වය තහවුරු කර ගැනීමට  ඕනෑම අයකුට ඇති අයිතිය මේ නව නීති මගින් තහවුරු විය යුතු අතර නීතියේ සීමා නිසා වර්තමානයේ මතුව ඇති ගැටලූ සඳහා විසඳුම් ලබා දීමට තරම් ශක්තිමක් විය යුතුය.

කෙසේ වුවද කිසිවකුට රටේ ජාතික ආරක්ෂාවට හානිකර කටයුතු හෝ මහජන දේපළ සොරකම් කිරීම ආදි අපරාධ සිදු කොට නීතියෙන් ගැලවී යාමට මෙම පනත ආවරණයක් විය යුතු නැත. එවැනි අපරාධකාරයන්ගේ පෞද්ගලිකත්වයට වඩා ජාතික ආරක්ෂාවට සහ මහජන දේපළ ආදියට (එනම් සමස්ත රට වැසියාගේ ආරක්ෂාවට සහ යහ පැවැත්මට* හැම විටම ප‍්‍රමුඛස්ථානය ලැබිය යුතුය. ඒ නිසා ජාතික වශයෙන් වැදගත් අවස්ථාවල ඊට අදාළ සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් හෝ වෙනත් තොරතුරු ලබා ගැනීමේ අයිතියට මෙම පනත බාධාවක් විය යුතු නැත. නො එසේ නම් රට වැසියාගේ යහපත පිණිස ගෙන එන මෙම පනත අනාගතයේ අපරාධකාරයන්ගේ ගැලවුම්කරුවා බවට පත්විය හැකිය.