ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කරන්නේද යන්න මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. චෙ ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සමග පැවැති සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියයි.

ප‍්‍ර -ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා පවත්වන සාකච්ඡුාවල තත්ත්වය කෙබ`දුද?
පි – එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීම පහුගිය දවසක පැවැත් වුණා. ඒත් සාකච්ඡුාවට සහභාගි වුණු නියෝජිතයෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වුණු සාකච්ඡුා සම්බන්ධයෙන් අපිව දැනුම්වත් කළා. අපි එ්  අයට කිව්වේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණුඩවේ ලැගලා ඉන්නවා නම් මේ සාකච්ඡුාවලට අපි සහභාගි වීමෙන් පලක් නැති බවයි. මොකද මේ අය අපිත් එක්ක එකතු වෙන්න ද`ගලන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කරන්න බැරි බව දන්න නිසයි. ගම්වල ඉන්න අපේ පාක්ෂිකයෝ අපිට කියන්නේ මේ අය එක්ක එකතු වෙන්න එපා කිියලයි. අනිත් එක තමයි එක පැත්තකින් ආණ්ඩුවේ ඉන්න ගමන් අනිත් පැත්තෙන් මැතිවරණයකට එකතු වෙලා තරග කරන්නේ කෙහොමද කියන එකයි අපේ ප‍්‍රශ්නේ. අපි එ් කමිටුවට දැනුම් දුන්නා ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් අයින් වෙලා එන්න කියලා. එහෙම එන්නේ නැත්නම් මේ සාකච්ඡුාවල තේරුමක් නැති බව අපි දැනුම් දීලා තියෙන්නේ. ඔවුන් අපෙන් කල් අරගෙන තියෙනවා මේ ගැන පක්ෂ නායකත්වය දැනුම්වත් කරලා නැවතත් ඉදිරියේදි අපිව දැනුම්වත් කරන්නම් කියලා. දැනට සාකච්ඡුාවල තත්ත්වය එ්කයි.

ප‍්‍ර – එ්කාබද්ධ විපක්ෂයේ ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් අතරින් දෙපාර්ශ්වයේ එක්වීමකට බොහෝම අකැමැති මන්තී‍්‍රවරයා ඔබයි. එ් ඇයි?
පි – මම පැහැදිලිිවම මේ එකමුතුවට අකැමැතියි. එ්කට හේතුව තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුවත් එක්ක ඉන්න තාක්කල් ආණ්ඩුව සම්බන්ධ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ආණ්ඩුව කරන පවුවලට අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයටත් කර ගහන්නයි වෙලා තියෙන්නේ. ලොකුම දේ තමයි ගමේ පාක්ෂිකයෝ මෙහෙම එකතුවකට කැමැති නැති වීම. 2015 ජනවාරි 08 වැනිදා අපේ පක්ෂයේ ලේකම් එහා පැත්තට ගිහිල්ලා අපේ පක්ෂය පැරැුද්දුවට පස්සේ අපිට ඔහු ගැන තිබුණු විස්වාශය සම්පූර්ණයෙන්ම බි`ද වැටුණා. 2015 අගෝස්තු මහ මැතිවරණය වෙලාවේ අපිට දිනන්න පුළුවන්කම තිබෙද්දී ජනාධිපතිවරයා අපේ පක්ෂයේ අපේක්ෂකයා වුණු මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ලියුම් එව්වා. ඊළ`ගට පක්ෂ මහලේකම්ලාව අයින් කළා. එහෙම කරලා අපිට ලැබෙන්න තිබුණු ජයග‍්‍රහණය උදුරා ගත්තා. පක්ෂ සභාපතිතම බලෙන් අරගෙන දැන් රාජපක්ෂ ආණ්ඩුවටයි රාජපක්ෂවරුන්ටයි චෝදනා කරකර රට වටේ යනවා. හැබැයි කියන්නේ එයා පක්ෂ සභාපති කියලයි. එයා පක්ෂේ සභාපති නම් තිබුණු ආණ්ඩුව, එ් කියන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂේ ආණ්ඩුව විවේචනය කරන්නේ කොහොමද? අපිට මේ පක්ෂ සභාපතිවරයා ගැන කිසිම විස්වාශයක් නැහැ කියලයි අපේ  පාක්ෂිකයෝ කියන්නේ. ඔවුන් තමයි කියන්නේ එකතු වුුණොත් අපිටත් ගමට එන්න එපා කියලා. එදා මහින්ද මහත්තයා වෙනුවෙන් නුගේගොඩ වේදාකාවට නැගලා මම නියෝජනය කළේ එ් මිනිස්සුන්ගේ හ`ඩ. මම අද නියෝජනය කරන්නෙත් ගමේ අපේ පාක්ෂිකයාගේ හ`ඩ. එ් අය තමයි අපේ හදවත. මම කියන්නෙ ඔවුන් කියන දෙයයි. අනික බලන්න මේ අය අපිට යෝජනා කරන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ ඉන්න ගමන් අනිත් පැත්තෙන් ඡුන්දෙදි එකතු වෙන්න නම් කොහොමද අපි එ් වැඬේ කරන්නේ. ඔය වැඩෙන් වෙන්නේ පක්ෂය දිනන එක නෙවෙයි. අපි පරදින එකයි. අපි එකතු වුණොත් ඇත්ත ශී‍්‍ර ලංකාකාරයෝ ඡුන්දේ දාන්න ඡුන්දපොළට යන්නේ නැහැ. එ්කයි ඇත්ත. එ් නිසයි මම කියන්නේ මෙහෙම එකතුවක් අවශ්‍ය නැහැ කියලා.

දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකතු වෙන්න යැයි අපිට මේ බලකරන එක හරියට අනියම් බිරි`ද ළ`ගට ගිය කෙනෙක් නීත්‍යනුකූල බිරි`දව බලෙන් ආපහු තමන් ළ“ගට ගන්නවා වගේ වැඩක්. එයා අනියම් බිරි`දව අත අරින්න ලෑස්තිත් නැහැ. නියම බිරි`දට ස්වාධීනව ඉන්න දෙන්නෙත් නැහැ. තව විදියකින් කිව්වොත් ගණිකාවක් ළ`ගට ගිය කෙනෙක් අපි බැහැ කියද්දී අපිවත් එතනට එක්කගෙන යන්න බලකරනවා වගේ වැඩක්.

ප‍්‍ර –  එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව හැදෙන සන්ධානයට ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ හැකියාව තියෙනවාද?
පි – අනිවාර්යයයෙන්ම ඔව්. ඉදිරියේ පැවැත්වෙන  ඕනෑම මැතිවරණයක් දිනන්න අපිට පුළුවන්. මේ ආණ්ඩුව දැන් කුුුජීත වෙලා ඉවරයි. රාජපක්ෂලාටට හොරු යැයි කියමින් බලයට ආපු ආණ්ඩුව නිසා දැන්  වංචාව, ¥ෂණය, හොරකම, මැරකම ඉහවහා ගිහින්. බලය ගන්න කියපු සුන්දර කතා බොරු කියලා මේ රටේ මිනිස්සු දන්නවා.

ආණ්ඩුවටවත් ආණ්ඩුවට ගෑවිච්ච එකෙකුටවත් ඊළ`ග ඡුන්දයකදී ඡුන්දේ නොදෙන්න මිනිස්සු තීරණය කරලා ඉවරයි. දැන් මොන බොරු කිව්වත් අපේ මිනිස්සුන්ව රවටන්න බැහැ. කෝ එදා කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය. කෝ එදා කිව්ව මාධ්‍ය නිදහස. එ් හින්දා අපේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. ලැබෙන පළවෙනි අවස්ථාවෙදී මේ ආණ්ඩුව ගෙදර යවන්න මිනිස්සු ලෑස්තියි. එ් හින්දා අපිට අපේ ජයග‍්‍රහණය ගැන සැකයක් නැහැ.

ප‍්‍ර –  හැබැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නම් කියන්නේ බෙදුනොත් යූ. ඇන් පී යට වාසි බවයි.
පි – මිනිස්සුන්ට මේ ආණ්ඩුව කරන යූ. ඇන්. පී එකයි, එ්කට මුක්කු ගහලා අලියගේ නැට්ටේ එල්ලිලා ඉන්න ශී‍්‍ර ලංකා එකයි, එ්කට සයිඞ් සපෝට් දෙන ජේ. වී. පී එකයි, දෙමළ සන්ධානයයි එපා වෙලා ඉවරයි. මහින්ද මහත්තයා හදපු රට මේ හැමෝම එකතු වෙලා කාබාසිනියා කරලා දැම්මා. ඔය ආණුඩුවට මුක්කු ගහලා ඉන්න ශී‍්‍ර ලංකා ඇමැතිවරු කියන ගොන් කතා අපේ මින්ස්සු විශ්වාස කරන්නේ නැහැ. මේක ආණ්ඩුවට පාඩමක් උගවන්න තියෙන හො`දම වෙලාව.
මම දැක්කා අපේ පක්ෂේ මහ ලේකම් කියනවා මේ පුංචි ඡුන්දනේ. ආණ්ඩුව වෙනස් කරන්න බැහැ කියලා. හැබැයි මේ පුංචි ඡුන්දෙන්, ආණ්ඩුව පරදවපුවම මිනිස්සුන්ට දැනෙනවා අපේ බලය. ලෝකයට දැනෙනවා රටේ මිනිස්සු මේ ආණ්ඩුවත් එක්ක නැහැ කියලා. මුළු ලෝකයම දැන ගන්නවා මේ ආණ්ඩුවට ජනමතය නැහැ කියලා. ජනමතය තියෙන්නේ මහින්ද මහත්තයාට කියලා. එ්ක මේ ආණ්ඩුව ගෙදර යවන පළමු වෙඩි මුරය වේවි. එතැනින් පටන් අරන් අපිට පුළුවන් ලබන අවුරුද්ද වෙන කොට මේ ආණ්ඩුව එලවලා දාන්න.

ප‍්‍ර –  මැතිවරණය ස`දහා මේ වන විට සූදානම කොහොමද?
පි – එ්කාබද්ධ විපක්ෂය මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණය ස`දහා ඉදිරිපත් වෙන්න සියල්ලම සූදානම්. එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ එක්ක ඊට අදාළ සාකච්ඡුා අපි අවසන් කරමින් තියෙනවා. මේ වන විට සම්මුඛ පරීක්ෂණ පවා අවසන් කරලයි තියෙන්නේ. එ් නිසා අපිට කියන්න තියෙන්නේ අපි සටනට ලෑස්තියි කියලයි. එ් විතරක් නෙවෙයි අපි මේ සටන ජයග‍්‍රහණය කරනවා. අපේ ජයග‍්‍රහණය වළක්වන්න කිසිවකුට බැහැ.

ප‍්‍ර – : ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමක් නොවුණොත් මන්තී‍්‍රධූර අහෝසි වීමේ අවධානමක් තියෙන බව මේ වන විට ප‍්‍රචාරය වෙනවා. එහි සත්‍යතාවක් තියෙනවාද?
පි -: යකාට බයයි නම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. එළැඹෙන  ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපි ලෑසිතියි. සමහරු අහනවා අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂේ ඉ`දන් වෙනත් පක්ෂ ප‍්‍රවර්ධනය කරනවාද කියලා. එහෙම නම් අපේ පක්ෂේ සභාපති වෙන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගි වෙන්නේ කොහොමද? පක්ෂෙ විනය උල්ලංඝණය කළා කියලා මුලින්ම විනය පරීක්ෂ තියන්න  ඕනේ අපිට නෙවේ. එහෙම නම් මුලින්ම විනය පියවර ගන්න  ඕනේ් පක්ෂ සභාපතිටයි, මහලේකම්ට එරෙහිවයි. එ්ක නිසා ඔය තර්ජනවලට අපි යට වෙන්නේ නැහැ. එහෙම තර්ජනවලට යට වෙලා ජනතා අපේක්ෂාවන් පාවා දෙන්න අපි ලැහැස්ති නැහැ.

ප‍්‍ර – මන්තී‍්‍රධූරය අහිමි වුණොත් එ් ස`දහා සූදානම්ද?
පි – මම කලින් කිව්වා වගේ එ්න  ඕනෑම අභියෝගයකකට අපි ලෑස්තියි. යකාට භය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියලා මම කිව්වේ එ්කයි. කාටවත් කියන්න බැහැ අපි මේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එරෙහි වෙනවා කියලා. එදා බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස්සේ එ් ප‍්‍රතිපත්තිවලට එක`ග වෙන්න බැරි නිසයි. අද විලිලැජ්ජාවක් නැතුව අපේ පක්ෂේ උදවිය යූ. එන්. පී. එක්ක ගිහින් යූ. ඇන්. පී. එක්ක නිදි වැදිලා. නියම බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන එ්කාබද්ධ විපක්ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තුළයි.

ප‍්‍ර – ඔබේ හ`දහනෙත් අගමැතිවරයෙක් වීමේ යෝගයක් තියෙන බව පැවසෙනවා. එ්ක අනාගත බලාපොරොත්තුවක්ද?
පි – මට තියෙන්නේ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමේ බලාපොරොත්තුවක් විතරයි. මම හැමදාමත් හිටියේ ජනතාව එක්ක. එ් නිසයි 1993 දී නවක පළාත් සභා මන්තී‍්‍රවරයෙක් විදියට පත්වෙලා ඡුන්ද සංඛ්‍යාව වැඩිකරගනිමින් පසුගිය මහ මැතිවරණයේදී ලංකාවේ ඉහළම මනාප ගත්ත තුන්දෙනා අතරට පත් වුණේ. මම කවදාවත් තනතුරු වරප‍්‍රසාද හඹා ගිය කෙනෙක් නෙවෙයි. එහෙම ගියා නම් මම මහ ඇමැතිකම දාලා එ්කාබද්ධ විපක්ෂයට යන්නේ නැහැ. මම හැමදාම දේශපාලනය කළේ හෘද සාක්ෂියට එකඟව. මගේ තාත්තා මගේ දේශපාලන ගුරුවරයා. ඔහු මට කිව්වේ ජනතාවත් එක්ක දේශපාලනය කරන් කියලයි. මම අද ඉන්නේ එතැන.

ප‍්‍ර – මේ දිනවල 2018 වර්ෂය ස`දහා වූ අයවැය විවාදය පාර්ලිම්න්තුවේදී පැවැත්වෙනවා. අයවැය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
පි – මේ ආණ්ඩුව ආර්ථික කළමණාකරණයක් නැති ආණ්ඩුවක්. කිව්වේ නම් මොළයක් කියලා. හැබැයි එහෙම මොළයක් නැති බව පහුගිය කාලේ ආර්ථිකය හසුරුවපු විදියෙන් තේරෙනවා. අද අපේ රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න නැහැ. ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි ආණ්ඩුවක් මොන කෙහෙල්මලකටද? අළුත් අයවැය යෝජනාවලිය නිකම්ම නිකම් යෝජනාවලියන් සාමාන්‍ය ජනතාවට වෙච්ච සෙතක් නැහැ. දැන් අපි  කියන්නේ මේ ආණ්ඩුවට මුක්ක- ගහලා ඉන්න අපිත් එක්ක එකතු වෙලා ඡුන්දේ ඉල්ලන්න  ඕනේ කියන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට මේ අයවැයේදිවත් විරුද්ධ වෙලා පෙන්වන්න. එහෙම විරුද්ධ වෙලා ඡුන්දය පාවිච්චි කළොත් අපිට හිතා ගන්න පුළුවන් ශී‍්‍ර ලංකා එක අවංකයි කියලා.

සාකච්ඡුා කළෙ – රන්මලී සෝමසිරි