2015 මාර්තු 26 වන දින පොළොන්නරුව හතර ඇළ ප්‍රදේශයේදී පොරවකින් පහර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොයුරකු වු පල්ලේවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත නොහොත් “වැලි රාජු”යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ අය ඝාතනය කළ හපුත්න්ත්‍රීගේ දොන් ඉෂාන් ලක්මාල් නැමැති අයට බරපතල වැඩ ඇතිව වසර 18ක සිරදඩුවමක් නියම කරන ලදි.
පොළොන්නරුව මහ අධිකරන විනිසුරු නිමල් ජයවීර මහතා විසින් ඊයේ මෙම නියෝගය දෙන ලදි.ඊට අමතරව මියගිය අයගේ පවුලට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා රුපියල් විසිදහසක දඩ මුදලක් නියම කරන ලදි.

විත්තිකරු දඩ මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක අතිරේක සිර දඩුවමකටද දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක අතිරේක සිර දඩුවමකටද විත්තිකරු යටත් කරන ලදි. මෙම ගැටුමට පෞද්ගලික සිදුවීමක් පාදක වී තිබිණි.