රූ රැජිනන් තේරීමේ ඉතිහාසය අලූතින් ලියන්නට ඇමෙරිකානු සුන්දර යුවතියක් පසුගියදා සමත් වුණා. ඒ ඉතිහාසගත අවස්ථාව වන්නේ විශේෂ අවශ්‍යතා ඇති තරුණියක සාමාන්‍ය තරුණියකසේම තරගකාරී ලෙස තරග වට සදහා සහභාගී වීමයි.

මිකයිලා හෝම්ග්‍රෙන් නමැති ඒ රුවැත්තිය ඩවුන් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන හෙවත් සෙමෙන් මනස වැඩෙන තරුණියක්. ඇගේ සිහින් ඇස්වල පමණක් ඔවුන්ටම විශේෂ වූ පෙනුම ගැල්වී තිබුණත් ඒ පෙනුම පරයා යන්න ඇගේ සිරුරේ සුන්දරත්වය සමත් වෙනවා. කෝපි පැහැ රැලි කොණ්ඩයත්, ලාලිත්‍යයෙන් යුතු උකුල සහ අඟපසගත්, කිරි පැහැ නිකලැල් සමත් ඇයව රූපසුන්දරියක් බවට පත්කර තිබෙනවා.
මිස් ඇමෙරිකා තේරීමේ දැවැන්ත තරගයේ එක්තරා වටයකදී තරගයෙන් ඉවත්වන්නට ඇයට සිදු වුණත් ඇය තරගයෙන් නික්ම ගියේ ජයග‍්‍රාහිකාවක හැටියටයි. තරගයේ ක‍්‍රියාකාරී ආකර්ෂණීයම රුවැත්තියට හිමිවන Miss Spirit USA නමැති සම්මානය මිකයිලා හෝම්ග්‍රෙන් විසින් දිනා ගත්තා.

ඊට අමතරව ඇයට මිස් ඇමෙරිකා අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ ප‍්‍රණාම සම්මනයක් ද පිරිනැමුණා. මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ ඉරිදා රිවිර (රිවිසරසී අතිරේකයේ) පළවේ.

q1VWigS

18465634_1506376591.943 Miss Amazing