ලෝකප්‍රකට ජිම්නාස්ටික් ශූරියන්ට ප්‍රතිකාර ලබා දෙන අතරතුර ඔවුන් අපචාරයට ලක් කළ බවට චෝදනා ලබා සිටින ඇමෙරිකානු වෛද්‍ය 54 හැවිරිදි ලැරී නසාර්ට එරෙහිව තවත් එවැනිම තරුණියන් එකසිය විසිපස් දෙනෙකු නඩු මගට බැස තිබේ. ඔවුන් ද පවසන්නේ වෛද්‍ය ලැරී නසාර් ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්තයක සේවයේ යෙදී සිටියදී ද මේ ආකාරයේම නොහොබිනා ක්‍රියාවන් හි නියැලුණු බවයි.
ඔලිම්පික් ක්‍රීඩිකාවන් වන ඇලී රෙයිස්මන්, මැක්කෙයිලා මැරෝනි, ගැබී ඩග්ලස් ඇතුළු තරුණියන් 7 දෙනකු දූෂණයට ලක් කළ බවට ඔහු වෙත මුලින්ම චෝදනා එල්ල විය.
එසේ ඔහු වරදකරු වුවහොත් වසර 25ක සිර දඬුවමකට ඔහුට යටත් වීමට සිදුවනු ඇතැයි නීති විශාරදයෝ පවසති.