චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ බාල පුතණුවන් වන හෙන්රි කුමරු ලබන සිකුරාදා සිය අනාගත බිරිඳ වන මේගන් මාර්කල් සමඟ බි‍්‍රතාන්‍යයේ නොටිංහැම් නගරයේ සංචාරයකට පැමිණීමට නියමිත බව විදෙස් පුවත්සේවා සඳහන් කරයි.

එච්.අයි.වී/ ඒඩ්ස් පිළිබඳ තරුණ ප‍්‍රජාව දැනුම්වත් කිරිම සඳහා පැවැත්වෙන වැඩසටහනක් සඳහා නව යුවල නොටිංහැම් වෙත පැමිණීමට නියමිතය.

හෙන්රි කුමරු සහ මේගන් මාර්කල් විවාහ ගිවිස ගැනීමෙන් පසුව සිදුකරන පළමු නිල සංචාරය මෙය බව සඳහන් වේ.

නොබෝදා විවාහ ගිවිසගත් තම අනාගත බිරිය බි‍්‍රතාන්‍ය ප‍්‍රජාවට හඳුන්වා දීමට මෙය අවස්ථාවක් කරගන්නා බව හෙන්රි කුමරු සඳහන් කර තිබේ.

33 හැවිරිදි හෙන්රි කුමරුගේ සහ 36 හැවිරිදි මේගන් මාර්කල්ගේ විවාහ මංගලෝත්සවය ලබන 2018 වසරේ මැයි මාසයේදී වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එංගලන්ත රජ මාළිගය නිවේදනය කර තිබේ.

මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන මේගන් මාර්කල් පෙර විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වුණු ඇමරිකානු ජාතික කාන්තාවකි.

2016 වසරේ සිට හෙන්රි කුමරුගේ පෙම්වතිය වුණු මේගන් මාර්කල් නොබෝදා හෙන්රි කුමරු සමඟ විවාහ ගිවිසගත් බව එංගලන්තයේ රජ මාළිගය නිවේදනය කර ඇත.

ලබන මැයි මාසයේ ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට පෙර මෙගන් මාර්කල් බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබා ගත යුතු අතර වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ බෞතීස්ම විය යුතුය.

හෙන්රි කුමරුගේ රාජකීය නිල පදවිය වන සසෙක් ආදිපාද වන අතර විවාහයෙන් පසුව මේගන් මාර්කල් සසෙක් ආදිපාදවරිය ලෙස නම් කිරීමට නියමිතය.

46BE743200000578-5122055-Meghan_Markle_said_yes_immediately_to_Prince_Harry_after_he_prop-a-86_151180679661946C18FAA00000578-5124891-Harry_makes_a_funny_face_and_makes_Meghan_laugh_out_loud_in_foot-a-4_151191592020346C48F4C00000578-5124891-image-a-46_1511883253882