අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු නිතරගයෙන් පත්විය. නව සංගමය ස්ථාපිත කිරීමේ මංගල රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. එම අවස්ථාවට මුද්‍රිත හා විද්‍යුත් ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූහ.

නිලවරණය මෙහෙයවීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, සැලසිනේ ආයතනයේ සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන, ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරී ළහිරු සමරසිංහ යන මහත්වරු මූලාසනයේ සිටිමින් සහයෝගය දැක්වූහ.

නව සංගමයේ නිල නාමය ප්‍රකාශයට පත් කිරීම පසුවට කල්  තැබුණු අතර එහි සාමාජිකත්වය ලබාදීමේ ව්‍යුහය ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නව නිලධාරී මණ්ඩලය හෙට (30) රැස්වීමට නියමිතය.
ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අභිනව නිලධාරී මණ්ඩලය

සභාපති චම්පික ප්‍රනාන්දු-සන්ඩේ ටයිම්ස්, ‍ලේකම් සිරිනාම රාජපක්ෂ-මව්බිම, උප සභාපතිවරු පාලිත සෙනරත් යාපා-ජාතික රූපවාහිනිය, නෙවිල් ඇන්තනී-වීරකේසරි, හසිත අකලංක-ස්වාධීන රූපවාහිනිය, පැතුම් ශ්‍රී විජේරත්න-අද, උප ‍ලේකම් සුරේෂි ගුණසේකර-ජාතික රූපවාහිනිය, භාණ්ඩාගාරික යොහාන් භාසුර-ලංකාදීප, ජාතික සංවිධායක කේ. රාමක්‍රිෂ්ණන්-සිලෝන් ටුඩේ, කැඳවුම්කරු ලහිරු සමරසිංහ-ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරී, කාරක සභාව අසේල විතාන-දිවයින, මංජුල බස්නායක-ස්වර්ණවාහිනිය, සුනිල් අබේගුණවර්ධන-රංගිරි, ප්‍රසාද් සේනාධීර-රිදම්, සීවලී එදිරිවීර-රිවිර, කමල් සුජීව-ගුවන්විදුලි සංස්ථාව, සුමින්ද ජයසිරි-දෙරණ, කසුන් කැලුම්-නෙත්, චමිල කරවිට-ජනයුගය, රිෂාඩ් මොහොමඩ්-පපරෙ

ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මුල් පුටුවට චම්පික