මෙරට කාන්තා එල්‍ලේ කණ්ඩායමකට ඉතිහාසයේ පළමු වරට හිමිවූ විදෙස් සංචාරයකට සහභාගිවීමේ වාසනාව කැලණිය විශ්වවිද්‍යාලයීය එල්‍ලේ කණ්ඩායමට හිමිවී ඇත.

ඒ අනුව පසුගිය සඳුදා (20) ඔවුන් මැ‍ලේසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ක්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ මැ‍ලේසියාවේ මාරා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආරාධනාවකට අනුවය.

මෙම සංචාරයේදී කැලණි විශ්වවිද්‍යාලයීය කාන්තා එල්‍ලේ කණ්ඩායම නොවැම්බර් 25 වැනිදා දක්වා පැවැත්වෙන එල්‍ලේ ක්‍රීඩා වැඩසටහනකට සහභාගි වීමට නියමිතය.

කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කැලණිය සරසවියේ ශාරීරික අධ්‍යාපන උපදේශිකා සරනි ගොඩමුණේ මහත්මියද, පුහුණුකරු ලෙස ධර්මදාස මීගොඩ මහතාද කටයුතු කරති.

සංචාරයට ඒ.ජී.එස්. රාජපක්ෂ, දුලාංජලී රාජකරුණා, අයි.එල්. ප්‍රසාංගිකා, එච්.එන්. ප්‍රියදර්ශනී, එස්.එම්. ජයතිලක, පී.එච්.ඩී. දයාපතිරණ, ඒ.ඩී. චතුරංගී, ඒ.එල්. දීපිකා කුමාරි, ටී.එච්. තෙන්නකෝන්, චතුරි නිලක්ෂිකා, චාන්දනී කුලතුංග, හිමායා යසන්ති, දිනේෂිකා ප්‍රනාන්දු, ජී. සරෝජනී, උපේක්ෂා මධුභාෂිනී, ලක්මිණි කරුණාරත්න, ඩී.පී. ජයතිලක, ලක්මාලි සඳවතී, රජිනා කුලතුංග හා උමයංගනී රණසිංහ යන ක්‍රීඩිකාවන් 20 දෙනා සහභාගි වී සිටිති.

සීවලී එදිරිවීර