මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ අයට බැ`දුම්කරය කියන වචනය ඇසුණාම හැසිරෙන්නේ ”භූමිතෙල් ගෑවුනු ගැර`ඩි වගේ” යැයි එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එ් මහතා එසේ පැවසුවේ ඊයේ (21* පුංචි බොරැුල්ල වජිරාශ‍්‍රමයේ පැවැති එ්කාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ එ්කකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහිදී බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් මෙසේද පැවසීය.

ලංකා ඉතිහාසයේ දැවැන්තම මහ බැ`දුම්කර මගඩිය සම්බන්ධයෙන් අගමැතිගේ සාක්ෂියෙන් පසු කොමිසමේ කටයුතු අවසන් වෙනවා. වාර්තාව ජනාධිපතිට භාර දෙන්න නියමිතව තියෙනවා. මේ කටයුත්ත ඇරඹූ දිනයේ සිටම එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු අඛණ්ඩව මේ හොරකම හෙළිදරව් කරමින් අපට කළහැකි උපරිම දේ කළා. මාව කොමිසමට කැ`දවූ අවස්ථාවේ ප‍්‍රධාන පුවත වුණේ සාක්ෂී දීමට එ්කාබද්ධය ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ නැහැ, සාවද්‍ය ප‍්‍රකාශ කරන්න එපායි කොමිසමෙන් බන්දුලට දැඩි අවවාද, බැඳුම්කර ගණුදෙනුව ගැන බොරු කී බන්දුලට කොමිසම දෙහි කපයි, මාධ්‍ය හමුවේ අසත්‍ය කීම නිසා බැ`දුම්කර කොමිසමෙන් බන්දුලට අවවාද වගේ දේවලූයි. අපි එහෙම චේතනාන්විතව කිසිදු බොරුවක් කිව්වේ නැහැ. අපි සද්භාවයෙන් අපි දන්න කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නයි කියලා ලිඛිතව ලිපියක් ලිව්වා. මගේ සසර ගමන තුළ ප‍්‍රථම වතාවට අධිකරණයකින් හෝ කොමිසමකින් මෙහෙම දෙයක් ඇහැව්වමයි. එ් අවස්ථාව වන විට අපි සාක්ෂි දෙන්නයි අවසර ඉල්ලා ලිපිය යොමු කර තිබුනේ නැහැ.

2015 මේ සිද්ධිය වන විට අද ඉන්න විපක්ෂය ආණ්ඩුවත් එක්ක දින 100 රජය කරනවා. මහ බැංකුව වටලන්න නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් නියෝජ්‍ය කාථානයක එක්ක ගියේ අපියි. මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා මේ වංචචාව සම්බන්ධයෙන් අංග සම්පූර්ණ ලිපියක් හදලා අපිත් එක්ක ගියා. අවසානයේ බැ`දුම්කර කෝප් කමිටුවෙන් කිසිවක් සිද්ධ නොවන බව දන්න නිසා එහි බොහෝ කරුණු හෙළිදරව් නොවුණු නිසා එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම කොමිසමක් පත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. එල්. ටී. ටී. ඊ ප‍්‍රහාරයට වඩා කිහිප ගුණයකින් දරුණු මහ බැංකු බැ`දුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපි මේ අයුරින් බොහෝ දේ කළා. අවසානයේ අපිට ඉල්ලන්න තියෙන්නේ වාර්තාව ජනාධිපතිට ඉදිරිපත් කළ වහාම එහි පිටපතක් කාථානායකතුමාට භාර දෙන්න.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව මුදල් පිළිබ`ද සම්පූර්ණ බලය පාර්ලමේන්තුවට තියෙන නිසාත්, රාජ්‍ය මූල්‍ය පිළිබ`ද වගකීම පාර්ලිමේන්තුවට පැවරෙන නිසාත්, රජයට ණය ගන්න ගිහින් එ් ස`දහා නිකුත් කරපු බැ`දුම්කරය පදනම් කරගෙන ශී‍්‍ර ලංකා මහ බැංකුව හරහා එහි අධිපතිගේ අනුදැනුම ඇතිව ඔහුගේ බෑණනුවන්ගේ සම්බන්ධතාවය ඇතිව හිටපු මුදල් ඇමැතිගේ සෘජු සම්බන්ධතාවක් ඇතිව සිදුවූ මේ කි‍්‍රයාව ගැන පාර්ලිමේන්තුවට පුළුල් ලෙස කරුණු සාකච්ඡුා කිරිම සදහා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක පළමු ඉල්ලීමයි.

ජනාධිපතිගේ වාර්තාව නීතිපතිට ඉදිරිපත් කිරීමෙන් පසු ඉතාම කඩිනමින් විභාග කර අවසන් වන ආකාරයට අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන නඩු පවරන්න කියන එක දෙවැනි ඉල්ලීමයි. වැරදිකරුවන්ගේ පක්ෂ පාට බලපුළුවන්කාරකම් නොතකා වාර්තාවට අනුව මේ අපරාධය සම්බන්ධයෙන් නඩු පවරලා සාධාරණය යුක්තිය පසි`දලීම ඉක්මන් කරවන්න කියලා රට වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ අගමැතිතුමාගේ සාක්ෂියෙන් පසු කරුණු කිහිපයක් මතු වෙනවා. මාමා අධිපති වෙද්දී බෑණා ප‍්‍රාථමික ගැණුම්කරුවෙක් වීම, බෑණා සමග ඇති සබ`දතා අත් හිටුවන්න කියලා තිබුණු බව අගමැතිවරයා කියනවා. බිලියන 75 පමණ මුල්‍ය අර්බුදයක් තිබුණූ බව කියා තිබෙනවා. මේවගේ ප‍්‍රමාණයක් දැවැන්ත මූල්‍ය අර්බුදයක් ලෙස සැලකෙන්නේ නැහැ. එහෙම නම් ලංකා ඉතිහාසයේ පළමු වතාවට බිලියන 121 සම්පූර්ණ අසත්‍යක් රාජ්‍ය්‍ය මුල්‍ය සම්බන්ධයෙන් රවි කරුණානායක මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා. එ් වගේම විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව බිලියන 792ක් අයවැයෙන් වියදම් කරලා නැහැ. එහෙම නම් මේ බැ`දුම්කර සිද්ධියයි අයවැය වැරැුද්දවීමයි අතර මොන තරම් සංඛ්‍යා විෂමතාවක් තියෙනවාද? ප‍්‍රශ්නය බිලියන 10ක නෙවෙයි තියෙන්නේ. මේ බැ`දුම්කර අවුරුදු 30ට නිකුත් කළේ. එ් තරම් කාලයක් මේ හොරකමේ බර ජනතාව දරන්න  ඕනෑ. මේක කල් පිරෙන්නේ 2045 දී. පොලී අනුපාතයට විනිමය අනුපාතයේ ගෙවුම් ශේෂය කෙරෙහිත් මෙය බලපානවා. එ්ක නිසයි කරටි කැඩිලා යන විදියට පොලී අනුපාතය වැඩි වෙලා තියෙන්නේ. මේ වංචාව නිසා ආයෝජකයෝ මුදල් නැවත අරන්ගියා. රටේ විනිමය අනුපාතය දරුණු ලෙස කඩා වැටුණා. එ් නිසා රටේ ණය බර වෙනව වැඩි වුණා.

විශ්වසනියත්වය පලූදු වීමෙන් ජාතියට වූ අලාභය කොතෙක්ද කියලා නිවැරදිව තක්සේරු කරන්න බැහැ. මොකද ලූම්බර්ග් දර්ශකය අනුව ලංකාව ආයෝජනවයට නුසුදුසු රටක් වෙලා ඉවරයි. ලකුණු 100න් 12යි ලංකාවට ලැබිලා තියෙන්නේ.

අර්ජුන මහේන්ද්‍රන් මා නොමග යැවූ බව අගමැති බැදුම්කර කොමිසමේදී කියයි කියලා තවත් පුවත් පතක් වාර්තා කර තියෙනවා. රජයේ පුවත් පත කියවා අගමැතිවරයෙක් ජනාධිපති කොමිසමට සහභාගි විම ඓතිහාසිකයි. පසුගිය රජයේ රහසිගත ණය අගමැති හෙළි කරයි කියලා මෙය බරපතල හෙළිදරව්වක්. පසුගිය රජයේ රහසිගත ණය තියෙනවා නම් රජයක් ගන්නා හැම ණය මුදලක්ම ගෙවන්න  ඕනේ රටේ ජනතාව. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය නොදැන ණය හංගලා නම් මේ ගැන විශේෂ කොමිසමක් හරි දාලා හොයන්න  ඕනෑ. අපිට ණය දෙන ආයතන ණය දෙන්නේ ආපසු අයකරගැනීමේ පදනම ඇතිවයි. දැන් රජයේ පුවත්පත මේවගේ කියපුවම හරිද? හංගපු ණය තියෙනවා නම් මෙතෙක් කල් ඉදිරිපත් කළ ණය පිළිබ`ද ප‍්‍රස්තාර දත්ත සියල්ල වැරදියි. රටේ සමස්ත, මුදල්, බැංකු, ණය ක‍්‍රමය පාලනය වෙන්නේ මෙතනින්. අගමැති කොමිසම හමුවේ එවැනි ප‍්‍රකාශයක් කරලා තියෙනවානම් ජාත්‍යන්තරයටත් ලංකාව හංගපු ණය ප‍්‍රමාණය. ණය ගන්න ගියාම ඉදිරියේදී ප‍්‍රශ්න ඇති වෙලා ගිණිපොලියටත් ණය ගන්න වෙයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවත් විශේෂයෙන් හොයා බලන්න  ඕනෑ. මම හෙට දිනයේම රහසිගත ණය හෙළිකළ ප‍්‍රමාණය උත්තරීතර සභාවට හෙළි කරන්න කියන ඉල්ලීම සාමාජිකයෙක් විදියට ඉල්ලීමක් කරමින් ලිපියක් භාර දෙනවා. මෙහෙම කියද්දි එ්කාබද්ධ විපක්ෂයට නිහ`ඩව ඉන්න බැහැ. යහපාලන රජයට වැදුනු මඩ ප‍්‍රමාණය හේතුකොට ගෙන ඉතාම ඉක්මනින් රාජපක්ෂවරුන්ගෙන් අයෙක් අත්අඩංගුවට ගැනීම වහා කළ යුතු බටව ආණ්ඩුවේ උපදේශකවරු උපදේශයක් දීලා තියෙනවා. රට බේරගත්න නායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ හෝ මැතිවරණ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන බැසිල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කෙනෙක් දැනෙන ලෙස අත්අඩංගුවට ගන්න කියලයි මේ උපදේශයෙන් කියන්නේ. බැ`දුම්කර මගඩිය දේශීයව හා අන්තර්ජාතිකව ප‍්‍රසිද්ධවීම වැළැක්වීමට මේ අයගෙන් කෙනකුට මොන නඩුවක් හරි දාලා බන්ධනාගාරගත කරීමයි කෙරෙන්නේ කියන දේ අපිට ආරංචියි. එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය මේ දවස්වල බැ`දුම්කරේ කියන වචනේ ඇහුන ගමන් භූමිතෙල් ගහපු ගැර`ඩි වගේ. ඔවුනට ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් රට පුරා පෝස්ටරයක් අලවලා බය නැති අගමැති රනිල් කියලා. පළි ගැනීමේ චේතනාවෙන් කරන්නේ. අප් කියන්නේ මුදල් ඇමැතිවරයා මෙහෙම කරලා තියෙනවා නම් පක්ෂයක් විදියට ආදර්ශයක් දිය යුතුයි. වෙනත් අයගේ පවු වහගන්න රාජපක්ෂවරු අත්අඩංගුවට ගැනීමට වෙන සුදානම අපි හෙලා දකිනවා. එ්ක යහපාලන ආදර්ශයක් නෙවෙයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. ඇල් පිරිස් මහතා
රාජපක්ෂ පුවලේ අයෙක් අත් අඩංගුවට ගන්න උත්සාහ කරන මේ මොහොතේ මහ බැංකුව ශුද්ධ කරපු හොරා තවම නිදැල්ලේ. එ් අයට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැහැ. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ කි‍්‍රයාත්මක වන කෝප් කමිටුව පිළිබ`ද අද අද්විතීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. කොප් කමිටුව කියන්නේ රාජ්‍ය ව්‍යවසායන් ජනතාවගේ ආර්ථක අයිතිවසිකම් පිළිබ`ද මුරදේවාතාවයි. එ් අයතන ආරක්ෂා කරන්නේ කොප් කමිටුවයි.

පර්පෙචචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මේ රටේ විශාලම වංචාව කරපු සමාගම කියලා ඔප්පු වෙලා තියෙනවා. ව්‍යාපාර
සමාගමක් නෙවෙයි අල්ලස් හා ¥ෂණ සම්බන්ධයෙන් නරක වාර්තාවක් සහිත සමාගමක් බවයි ඔප්පු වෙලා තියෙන්නේ.

කෝප් කමිටු සාමාජිකයින්ගේ ප‍්‍රමුඛ වගකීම සත්‍ය අනාවරණය කිරීමයි. අදහාගත නොහැකි ලෙස එක සාමාජිකයෙක් දුරකථන ඇමැතුම් 272ක් අරන්. තව කෙනෙක් 175, 85, වශයෙන් දුරකථන ඇමතුම් අරන්. සමහර අය ඇමතුම් දීමෙන් සෑහෙන්නේ නැතුව මුහුණට මුහුණ හමුවෙලා. දුරකථනයෙන් සාකච්ඡුා කරන්න  තීරණය කරලා හමුවෙලා.

මේවා මේ සෞඛ්‍ය තත්ත්වය ගැනද, කාලගුණය ගැනද සාකච්ඡුා කළේ. මේ පිළිබ`ද  නීති උපදෙස් ගන්න  ඕනේ කියලයි කථානායක කියන්නේ. නඩුකාරයෙක් මිනිමැරීම් නඩුවක් අහගෙන යද්දී ?ට චූදිතයා සමග එක්ව ගෙදරදී ඩි‍්‍රන්ක් එකක් දානවා. ඊට කලින් දුරකථනයෙන් එ් හමුව ගැන කතාකරනවා. මේ ගැන නීති උපදෙස් අවශ්‍යද?

අවම වශයෙන් කෝප් කමිටුවේ සාමාජිකයින් හේතුවක් නිසා කොමිසමේ නිලධාරියෙක් එක්ක සාකච්ඡුා කරනවා නම් කථානායකවරයා දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා.  දුරකථන ඇමතුම් ගැන කොමිසම හමුවේ ඉදිරිපත් කිරීමේදී විශාල විරෝධයක් මතු වුණා, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ  නීතිඥවරයාගෙන්. එදා එ් විරෝධයට ඉඩ ලැබුණා නම් කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම අදත් ජනතාවට හෙළි වෙන්නේ නැහැ. දැන් මෙහි භයානක පැත්තක් තියෙනවා. දුරකථන ඇමතුම් දීපු පුද්ගලයින්ට දෙවැනි දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඇයි? පාර්ලිමේන්තු වරප‍්‍රසාද තියෙන්නේ ජනතා සේවයට. එහෙම තියෙද්දී පාර්ලිමේන්තු වරප‍්‍රසාද මගින් තමන්ගේ හොරකම් මගඩි වසන් කිරීමට පාවිච්චි කරන්න බැහැ. මේ අය ඇයි අපිව විතරක් අල්ලගන්නේ ඇයි? තවත් මන්තී‍්‍රවරු 45 ක් විතර කතා කරලා තියෙනවාලූ. එ්ක වෙනම කතාවක්. මේ විශේෂ වගකීමට බැ`දිලා ඉන්නේ කෝප් කමිටු සාමාජිකයින්. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. රංගනයේ දෙවැනි අධියර මේ මගඩිය වසන් කිරීමට දරන රංගනයයි. කෝප් කමිටු සාමාජිකයින් ඊට සෘජුව සහභාගි වෙනවා.

රන්මලී සෝමසිරි