ශ්‍රී ලංකා ජාතික බිච් වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස 2003 වසරේ සිට මේ වසර දක්වාම කටයුතු කරන ලද විශිෂ්ට ගණයේ පුහුණුකරුවකු වූ ඩබ්ලිව්.ඒ. ප්‍රසන්න උදයකුමාර මහතා වේයන්ගොඩ, පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරින් මරණයට පත්වූ බව රිවිර සංවේගයෙන් දැනුම් දෙයි.

ජාත්‍යන්තර තරගාවලි 29කදීම බිච් වොලිබෝල් ජාතික පි‍ලේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබූ ඔහු ක්‍රීඩකයන් 21 දෙනකුට හා ක්‍රීඩිකාවන් 16 දෙනකුට ජාතික පිල නියෝජනය කිරීම සඳහා මග පාදා දී තිබිණි.

මීට අමතරව දකුණු ආසියානු කලාපීය රන් පදක්කම් හා ආසියානු කලාපීය රිදී හා ලෝකඩ පදක්කම් 11ක් ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා දායකත්වය ලබාදී ඇති ඔහු මියයන විට 43 වැනි වියේ පසුවිය.

දේහය මේ වනවිට අවසන් ගෞරව දැක්වීම සඳහා බණ්ඩාරනායක මාවත, බුලනවැව, දේවහුව, ග‍ලේවෙල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර  නොවැම්බර් 22 වැනි බදාදා (අද) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.