සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා අද (21) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අද (21)  දින ගමනාන්තය බැංගලෝර් නගරය බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අගමැතිවරයා බ‍්‍රහස්පතින්දා (23) නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡුාවක නිරත වීමට නියමිතව ඇත.

එහිදී ඉන්දු- ලංකා ධීවර ගැටළුව සහ දෙරට අතර මුහුදු මාර්ග ආරක්ෂාව පිළිබ`දව නායකයින් දෙපළ පුළුල් අන්දමින් සාකච්ඡුා කරනු ඇත.

එමෙන්ම වික‍්‍රමසිංහ මහතා එරට ජනාධිපති රාම් නාද් කෝවින්ද මහතාවද හමුවීමට නියමිතය.

23 වැනිදා නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත සයිබර් අවකාශය පිළිබඳ 5 වැනි ගෝලීය සමුළුවේ ආරම්භක උත්සවයටද ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිත අතර 24 වැනිදා මෙම නිල සංචාරය අවසන් වීමට නියමිතව ඇත.

අග‍්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා එතුමාගේ බිරිඳ මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මහත්මිය, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සමන් ආතාවුදහෙට්ටි සහ විශේෂ සහායක සැන්ඩ‍්‍රා පෙරේරා ඇතුලු පිරිසක් සහභාගි වී සිටිති.