ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට්ස් ආයතනයේ අනුග්‍රහය ඇතිව 2017 වසර වෙනුවෙන් පවත්වන ලද මන්චි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර්ලීග් පිරිමි ශූරතාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයටත් එහි කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් හිමි වූහ.

පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මෙම අවසන් තරග පවත්වනු ලැබූ අතර විදුලිබල මණ්ඩල කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැති පිරිමි අවසන් තරගයේදී යුද හමුදා බලය යටපත් කරමින් නැගීසිටි විදුලිබල මණ්ඩල පිල වට 3-0ක් ලෙසින් ජය වාර්තා කළේය. එහි තෙවන ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා වට පහම තරග කිරීමට සිදුවීම කැපී පෙනුණි.

සුපර් ලීග් කාන්තා ශූරතාව වෙනුවෙන් ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවැති රගයෙන් ගුවන් හමුදාව වට 3-1ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර එහි තෙවන ස්ථානය සඳහා මාස් කැෂුවලයින් පිල ශ්‍රී ලංකාවරාය අධිකාරිය වට 3-1ක් ලෙස පරාජය කරනු ලැබුවාය.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව පවත්වන ලද ආධුනික පිරිමි තරගාවලියේදී ගාල්ල ඉඹ්ඒඛි ක්‍රීඩා සමාජය වට 3-2ක් ලෙස කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලද අතර එහි තෙවන ස්ථානය සඳහා පැවැති තරගයේදී මහනුවර වැගනර්ස් ක්‍රීඩා සමාජය කෑගල්ල ක්‍රියෙස්ටර්ස් ක්‍රීඩා සමාජය වෙතින් වට 3-0ක පරාජයක් ලැබිය.
එහි කාන්තා ශූරතාව මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය වට 3-0ක් ලෙස පරාජය කළ බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය දිනා ගත්තාය. තෙවන ස්ථානය වෙනුවෙන් කුරුණෑගල ඕමේගා ලයින් ක්‍රීඩා සමාජය හා මඩකලපුව බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේදී ඔමේගා ලයින් පිලට වට 3-0ක ජයක් හිමි විය.

සීවලී එදිරිවීර

Untitled-4