වෙසක් සාදා ගැනීම හෝ සාදාගත් නිවෙසක් මුදලට ගැනීම සෑම මිනිසකුගේම අවශ්‍යතාව බවට ශිෂ්ටාචාරය බිහිවුණු දා සිට පැවත ඇත්තේය. ශිෂ්ඨාචාරය සමග ගොඩනැගුණු මෙම අවශ්‍යතාව රාජ්‍ය පාලනය මගින් හඳුන්වා දෙන රෙගුලාසි හා නීති මගින් හසුරුවනු ලබන්නේ භූමිය නිසි කළමනාකරණයට ලක්විය යුතු නිසාත් පරිසරය ආරක්ෂණය වියයුතු නිසාත් මෙන්ම පොදු මහජන සුබසිද්ධිය කරණ කොට ගෙනය. මෙම නීති රෙගුලාසි සමාජ සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එම නීති රෙගුලාසි මහජන මිත‍්‍රශීලී ලෙස ද ක‍්‍රියාත්මකවීම ද ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින තත්ත්වය වන්නේ ද ගැඹුරෙන් සාකච්ඡුා කළ යුතු වන්නේ ද මෙම කාරණයයි. නොයෙකුත් ආකාරයේ නීතිරීති ඇතත් තවමත් මහජනයාට පිඹුරක් අනුමත කරගැනීම සඳහා විශාල ලෙස රස්තියාදු වීමට සිදු වී තිබේ. එම කාර්යය සඳහා යෙදුණු කිසිවකු සතුටකින් පළාත් පාලන ආයතනයකින් පිටවී ගොස් නැත.

මුල් අවස්ථාවලදී අප රටේ මෙම නීති රෙගුලාසි මහජන ඡුන්දයෙන් පත්වන නියෝජිතයන් හරහා පළාත් පාලන මට්ටමෙන්ම පමණක් ක‍්‍රීයාත්මක වී ඇත. එහෙත් ජනගහණය වැඩිවීම ජන ඝනත්වය වැඩිවීම ආදී හේතුන් කරණ කොට ගෙන පළාත් පාලන මට්ටමෙන් ඔබ්බට මෙම නීති ඉහළ රාජ්‍ය තන්ත‍්‍රය මගින් හැසිරවීම සඳහා නීතී සම්පාදනය කෙරිණ. ඒ අනුව මුල් වකවානුවේ නව ගොඩනැගිලි තැනීමේ අවස්ථාවේ දී ක‍්‍රියාත්මක කිරීමට අණ පනත් හඳුන්වා දෙන ලදී. තවදුරටත් මෙම විෂය අප රට තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතිද්දී වසර 1978 වනවිට මෙවන් සංවර්ධන කාර්යයන් රජයේ මූලික පාලනය හා මග පෙන්වීම යටතේ සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. එතෙක් මෙතෙක් කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් විටින් විට හඳුන්වා දෙන ලද නීති රීති රෙගුලාසි බොහෝමයක් වේ. මෙම නීති රෙගුලාසි ක‍්‍රියාත්මක වන්නේ පළාත් පාලන ආයතනවල පවතින සැලසුම් කමිටුව හරහාය. එකී සැලසුම් කමිටුවට අවශ්‍ය මග පෙන්වීම නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරනු ලබන නිලධාරියාගෙන් සිදුවේ.

මෙම සංවිධාන ව්‍යුහය මෙසේ ක‍්‍රියාත්මකව සිදුවෙද්දී මහජනතාව නිතර මැසිවිලි නගන්නේ සැලසුම් අනුමත කිරීමේ ක‍්‍රියාවලියේ පවතින රස්තියාදුව හා අක‍්‍රමිකතාවන් පිළිබඳව ය. මෙම රස්තියා¥ව සි¥වන්නේ නීතියේ දුර්වලතාවන් නිසා ද නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලියේ දුර්වලතාවන් නිසා ද වංචනික පුද්ගල චරිතයන් නිසා ද එසේත් නොවේ නම් වෙනත් ආකාර වන කාරණාවන් නිසා දැයි විමසීම වටී. මගේ පුද්ගලික අදහස නම් මෙම කාරණා තුනම නිසා මහජනතාව පෙළෙන බවයි.

සියලූ පිඹුරු අනුමත කිරීම අවශ්‍යද?
නාගරික සංවර්ධන අධිකාරි පනත අනුව හඳුන්වා දෙනලද රෙගුලාසිවලට අනුව මැනුම් පිඹුරු අනුමත කිරීම අවශ්‍ය වන්නේ පහත සඳහන් අවස්ථාවලදී පමණි.
x    ඉඩමක් අනුබෙදුමක් කරන අවස්ථාවේ දී
x    ඉඩම් දෙකක් එකාබද්ධ කරන අවස්ථාවේ දී
x    ඉඩම් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කර නැවත කොටස්කරන අවස්ථාවේ දී

මේ අනුව පෙනී යන්නේ යම් ඉඩමක හැඩය වර්ග ප‍්‍රමාණය වෙනස් වන අවස්ථාවක දී සාදනු ලබන පිඹුරු පමණක් සංවර්ධන කාර්යයක දී අනුමැතිය ලබා ගත යුතු බවයි. නීතියේ ප‍්‍රතිපාදන ඇත්තේ ඉහත කාරණාවලට පමණක් වුවත් සෑම සියලූ පිඹුරක්ම අනුමත කරවා ගත යුතු යැයි සමාජ මතයක් ගොඩනැගී තිබේ. මෙම ස්ථාවරයෙන් බැහැරව නිතී ප‍්‍රතිපාදන ප‍්‍රකාරව නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ කොළඹ මහා නගර සභාව තුළ පමණි. අනෙකුත් පළාත් පාලන ආයතන සියල්ලම පාහේ සාවද්‍ය ක‍්‍රමයක් අනුගමනය කරයි. එනම් ඉඩමක නැවත මැනීමක් කරන සියලූ අවස්ථාවලදී මෙන්ම අනුමත කරන ලද ඉඩම් කොටස් කිරීමේ තනි කැබැල්ලක් සඳහා වූ උධෘතයන් ද අනුමත කරවා ගැනීමට මහජනතාව පොලඹවා ඇත. මෙමගින් අයුක්ති සහගත ලෙස මුදල් ඉපැයීමක් ද සිදු වේ.

බැංකු හා අනෙකුත් ණය ලබා දෙනු ලබන ආයතනවල පෙලඹවීම මත මෙම මතය සමාජ ගත වී ඇත. ණය ලබා දීම සඳහා අනුමත පිඹුරක් අවශ්‍ය යැයි රෙගුලාසියක් බැංකු හා ණය දෙනු ලබන ආයතන තුළ පවතී. එම රෙගුලාසියට තවත් අර්ථකථනයක් ලබා දෙමින් උධෘතයන් ද වෙන වෙන ම අනුමත කිරීමක් අනවශ්‍ය පදනමකින් එකී ආයතන ඉල්ලා සිටියි. මෙම මතය සාවද්‍ය යැයි නාගරික සංවර්ධන අධිකාරිය ද දනියි. එහෙත් දැන දැනම මෙම සාවද්‍ය මතය සමාජගත වීමට උපකාර වෙමින් මහජනතාව රස්තියා¥ කරලීමට හා අක‍්‍රමිකතාවන්ට ඉලක්ක කර සිටී. මෙම තත්ත්වය මෙම විෂය හා සම්බන්ධ වෘත්තීයකයන්ගේ කතිකාවකින් නිරාකරණය කරගෙන මහජනතාව අනවශ්‍ය පීඩනයකින් මුදවා ගත යුතුය.

පිඹුරක් අනුමත කිරීම යනු
ඉඩමක පිඹුරක් අනුමත කිරීම යනු එම ඉඩම සංවර්ධනය සඳහා සු¥සු යැයි බලපත‍්‍රයක් ලබාදීමයි. එහෙත් මේ පිළිබඳ අවබෝධයක් නොමැතිව සියලූම පිඹුරු අනුමත කරවා ගැනීමට මහජනතාව පෙලඹවීමෙන් ඔවුන් අනවශ්‍ය හිරිහැරයකට පත්වේ.

පිඹුරක් අනුමත කරවා ගැනීමෙන් එම පිඹුරෙහි මායිම් නිවැරදි බවට හෝ හිමිකම නිරවුල් බවට හෝ සහතිකයක් ලබා දීමට පළාත් පාලන ආයතනයකට නොහැකිය. නීතිමය වශයෙන් පුද්ගලික ඉඩමක මායිමක් හෝ වර්ග ප‍්‍රමාණයක් ගැන සහතිකයක් ලබා දිය හැක්කේ ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරයකුට පමණි.

එසේම ඉඩමක් කැබලිවලට වෙන් කළ විට එම වෙන්කිරීම සංවර්ධන නීතිවලට අනුකූල බවට සහතික කරන්නේ පළාත් පාලන ආයතනයයි. එසේ සහතික කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එම පිඹුර තුළ පෙන්වා ඇති සියලූම ඉඩම් කොටස් ප‍්‍රවේශ මාර්ග ආදී සියල්ල සංවර්ධන රෙගුලාසිවලට අනුකූලව සි¥කර ඇති බවයි. එසේ අනුමත කර ඇති කොටස් කිරීමේ පිඹුරේ එක් එක් තනි කැබැල්ලට ද අනුමැතිය ලබා ගැනීමට ද අවශ්‍යතාවක් මතු නොවේ. හේතුව එම තනි කැබැල්ල සංවර්ධන කාර්යයන් සඳහා සුදුසු යැයි දැනටමත් අනුමත කර ඇති හෙයිනි. එම නිසා අනවශ්‍ය ලෙස මහජනතාව පළාත් පාලන ආයතනවලට රොක්වීම සීමා කිරීම සඳහා සමාජගත වී ඇති මෙම ¥ර්මත හා වැරදි පිළිවෙත් නිවැරදි කිරීම අවශ්‍ය වන්නේය.

එකම කාර්යයක් සඳහා දෙවරක් ගාස්තු ගෙවීම
සංවර්ධන රෙගුලාසිවලට අනුකූලව පිඹුරු සකසා ඇත්දැයි විමසා බලා තීන්¥ කරනු ලබන්නේ පළාත් පාලන ආයතනයන්හි ක‍්‍රියාත්මක වන සැලසුම් කමිටුවයි. සැලසුම් කමිටුවේ මෙම ක‍්‍රියා මාර්ගය සඳහා ඉල්ලූම්කරු විසින් ආයතනයේ නියමිත ගාස්තුවක් ද ගෙවනු ලැබේ.

තත්ත්වය මෙසේ තිබියදී අනුබෙදුම් පිඹුර රෙගුලාසිවලට අනුකූල යැයි සහතිකයක් නිකුත් කරවා එම පිඹුර මතම අත්සන් යෙදීමට නගර නිර්මාණ ශිල්පීන් යොදවා ගැනීමට නීති ප‍්‍රතිපාදන සැකසී ක‍්‍රියාත්මක වී තිබේ. එම නිසා පිඹුරක් අනුමත කරවා ගැනීමට අවශ්‍ය ඉල්ලූම්කරු එකම කාර්යය සඳහා දෙපළකට ගාස්තු ගෙවීමට සිදුව තිබේ. මෙම අනවශ්‍ය ගාස්තු ගෙවීම මෙන් ම නගර නිර්මාණ ශිල්පීන් සොයා කාලය මිඩංගු කිරීමටත් මහජනතාවට සිදුව තිබේ.

කෙසේ වෙතත් මිනුන්දෝරුවරයාට ගාස්තු ගෙවා සකසන ලද පිඹුර සංවර්ධන රෙගුලාසිවලට අනුකූල වන බව නගර නිර්මාණ ශිල්පියකුගෙන් ගාස්තු ගෙවා සහතික කරගන්නා ඉඩම් හිමියා පළාත් පාලන ආයතනයේ සැලසුම් කමිටුවට ද නීත්‍යානුකූල ගාස්තු ගෙවන්නේය. එතකුදු නොව එම සැලසුම් කමිටු නිලධාරීන්ට අදාළ ඉඩමේ ස්ථාන පරීක්ෂාවට කැඳවා ගෙන යෑම සඳහා වියදම් දරන්නේය.

මේ සියලූ වියදම් අවම කිරීමට බලධාරීන් විසින් පියවර ගත යුතුව තිබේ. එය මහජන හිතකාමි සේවාවක් ලබාදීම සඳහා ය.

රස්තියා¥ව
පිඹුරක් අනුමත කරවා ගැනීමට ඒ සඳහා වූ ඉල්ලූම් පත‍්‍රයක් තිබේ. එය ලබාගත හැක්කේ අදාළ පළාත් පාලන ආයතනයේ කාර්යාලයෙන් පමණි. කොළඹ මහ නගර සභාවේ නම් අන්තර් ජාලය මගින් එය ලබා ගත හැකිය. සාමාන්‍ය කාර්යාල පටිපාටියට අනුව ලිපිකරුවකුගෙන් කුවිතාන්සිය ලියා ගෙන සරප්වරයාට මුදල් ගෙවා එම රිසිට්පත ලිපිකරුවාට පෙන්වීමෙන් අනතුරුව පිඹුරක් අනුමත කර ගැනීමට අවශ්‍ය අයැදුම් පත ඉල්ලූම්කරුට ලැබේ.

ඊළඟට කළ යුත්තේ සුදසුකම් නිලධාරියා ලෙස සැලකෙන ලියාපදිංචි බලය ලත් මිනින්දෝරුවරයා වෙත ගොස් ඔහුගේ අත්සන ලබා ගැනීමයි. පළාත් පාලන ආයතන කාර්යාලයේ පිහිටීම ඉල්ලූම්කරු පදිංචි ස්ථානයේ පිහිටීම හා ලියාපදිංචි මිනුන්දෝරුවරයාගේ කාර්යාලයේ පිහිටීම සලකා බැලීමේ දී මෙම ඉල්ලූම් පත‍්‍රය පුරවා භාර දීම වැනි සුළු කාර්යයක් සඳහා වැය වන කාලය ද මුදල ද සුළු පටු නොවේ. මෙම සැලසුම් අනුමත කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භක අවස්ථාවම මීට වඩා සරල විය යුතුය.

අයැදුම් පත භාර දීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනයේ තාක්ෂණික නිලධාරියකු ස්ථාන පරීක්ෂාවක් සඳහා කැඳවා ගෙන යා යුතුව තිබේ. පළාත් පාලන ආයතනවල සිටින කාර්මික නිලධාරි තැන ඉතා කාර්ය බහුල තැනැත්තෙකි. ඔහුගෙන් වේලාවක් ලබා ගෙන ස්ථාන පරීක්ෂාව සඳහා කැටුව යාමට ද විශාල කාලයක් වැය වේ.

පිඹුර හා සැලැස්ම
පිඹුර හා සැලැස්ම යන වචන දෙකටම ඉංග‍්‍රීසි භාෂවෙන් කියවෙන්නේ ප්ලෑන් ලෙසටයි. එහෙත් පිඹුර යන්නෙන් අදහස් කරනුයේ භූමියේ පවතින භූ ලක්ෂණ වර්ග ප‍්‍රමාණයන් ආදිය වාර්තා කරන ලියවිල්ලයි. අධිකරණ කටයුත්තකදී ද අධිකරණය මිනුන්දෝරුවරයාගෙන් බලාපොරොත්තුවන්නේ පොළොවේ පවතින ස්වරූපය මැන පිඹුරක් සාදා වාර්තා කිරීමයි. මිනුන්දෝරු දෙපාර්තමේන්තුවේ ද ආකල්පය පොළොවේ පවතින භූ ලක්ෂණ වාර්තා කරන්නේ පිඹුරකින් බවයි.

එහෙත් සංවර්ධන කාර්යයන් සදහා නිලධාරීන් අපේක්ෂා කරනුයේ ඊට වඩා වෙනස් තත්වයකි. මහ පොළවේ ”90” කට වඩා මායිම් ස්ථාපනය වී පවතින මං සන්ධියකදී ඉඩම තුළින් එය කවාකාර කර පෙන්විය යුතුය. පොළොව මතුපිට ජලබස්නා කාණු නොවේ නම් ඒ ස`දහා යෝජිත වළක් පෙන්වා දිය යුතුය. පවතින ගොඩනැගිල්ල ඉඩමක මායිමකට අනවසර ලෙස තනා ඇත්නම් එම කොටස කඩා ඉවත් කිරීමට නියමිත බව පිඹුරේ දැක්විය යුතුය.

කෙටියෙන් පැවසුවොත් සංවර්ධන කාර්යයන් ස`දහා යෝජිත වන පරිදි මිනුන්දෝරු පිඹුරු සැකසිය යුතුවේ. පොළවේ පවතින පරිදි දත්තයන් වාර්තා කිරීමත් සංවර්ධන කාර්යයන් ස`දහා යෝජිත කරුණු වාර්තා කිරීමත් පිළිබ`දව වූ මූලික ගැටලූ නිසා මහජනතාව නැවත නැවත රස්තියාදුවේ. එම නිසා හිමිකම් කියාපාන පිඹුරුද සංවර්ධනය ස`දහා යෝජිත සැලැස්මක් එකක්ම විය යුතු දැයි නිරීක්ෂණය කර ගැනීම බලධාරීන්ගේ වගකීමයි. එනම් පිඹුර හා සැලැස්ම යන දෙයාකාරයන් බව පිහිටා ක‍්‍රියාකිරීමෙන් මෙම ගැටලූ සහගත තත්වයට පිළියම් සෙවිය යුතු වේ.

වර්ග ප‍්‍රමාණයන්හි වෙනස
ඉඩම්වල වර්ග ප‍්‍රමාණයන් කලින් කළ වෙනස් විය හැකි සාධක බොහෝ සේ පවතී. මිත‍්‍රත්වයට සහෝදරත්වයට හෝ යුතුකමට තම දේපළ කොටස් අසල්වාසීන්ට ප‍්‍රදානය කිරීමට අප රටේ සංස්කෘතිය හා බැඳී පවතී. මෑතකදී රූපවාහිනියේ ප‍්‍රචාරය වූ දැන්වීමකින් පෙන්වුණේ කොස්ගහ  නොකපා මායිම් වැට බැඳීමට තම ඉඩම් කොටසක් පරිත්‍යාග කළ ගැමිවකු ගැනය.

මෙවන් ආකාර පරිත්‍යාග ලිඛිතව ඔප්පු මගින් ලියාපදිංචි නොවේ. එහෙත් දීර්ඝ කාලීන භුක්තියට යටත් වේ. මෙවන් ඉඩම් මැන පිඹුරු ඉදිරිපත් කිරීමේ දී ඉඩමේ වර්ග ප‍්‍රමාණයන් සුළු වශයෙන් වැඩි විය හැක. මෙම සුළු වැඩිවීම්  නිසා අයිතිවාසිකම් පිළිබ`ද ගැටලූවලට මැදිහත් විය හැකියැයි උපකල්පනය කරන සංවර්ධන නිලධාරීන්ගේ මතු විමසීම් හමුවේද මහජනයා බොහෝ රස්තියාදු වෙති.

එනම් ප‍්‍රායෝගික තත්ත්වයන් සමග නීතිමය තත්ත්වයන් සලකා බලා තීන්දු ගැනීමට ඇති නොහැකියාව නැතහොත් ඒ ස`දහා අවශ්‍ය පරිදි ඒ ඒ ක්‍ෂෙත‍්‍රවල නිපුණයන් මෙම සැලසුම් කමිටුවල නොමැතිවීමද මහජනතාවගේ හිතසුව පිණිස නොපවතී.

කෙසේ වෙතත් මහජනතාව එදිනෙදා මුහුණ දෙන සංවර්ධන කාර්යයන් ස`දහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ ක‍්‍රියාවලිය පවතිනවාට වඩා සරල විය යුතු බවත් විධිමත්  විය යුතු බවත් තරයේ විශ්වාස කරමු.

සාලිය වික‍්‍රමසිංහ
බලයලත් මිනුම්දෝරු

Untitled-8