සුළු සිදුවීමක් දුර දිග යාමෙන් ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“ගිංතොට ප‍්‍රදේශයේ තත්ත්වය මුලූමනින්ම පාලනය කර සාමකාමී පරිසරයක් ඇති කර තිබෙනවා. ගම පෙර පැවති තත්ත්වයට පත්වන තෙක් ආරක්ෂාව පවත්වාගෙන සලසා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සහ ඡුායාරූප යොදාගෙන ඇතැම් පාර්ශ්වයන් විසින් අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් තිබෙනවා.

අසත්‍ය ප‍්‍රචාර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා.

අන්තවාදී දේශපාලන කල්ලි, කණ්ඩායම්වල අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

ඕෂධ කමලනාථ – බද්දේගම