අද (19) උදෑසන පෙරවරු 9ට පමණ කොළඹ 10 නාලාන්දා විද්‍යාලය අසලදී වෙඩි වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා එම විද්‍යාලය අසල මාර්ගයේ තී‍්‍රරෝද රථයක් පදවාගෙන යමන් සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිිරිදි මාළිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂනය සිදුකරන තෙක් මළසිරුර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර බොරැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.